සැමියා පොලිසියේ නැවතුන රට ඉදන් ආ බිරිදගේ අමුතු ආසාව
මැදිවියේ පසුවන යුවළක්.. සැමියා නිවසේ රැඳෙද්දී බිරිඳ විදේශ රැකියාවකට යන්නේ පවුලේ ආර්ථිකය ගොඩගන්නයි.
කාලයක් රට රැකියාව කරලා සල්ලිත් අරන් ඇය නැවත ලංකාවට එන්නේ සැමියා සමඟ සතුටින් ඉන්න බලාපොරොත්තුවෙන්.
ඒත් ඇය ආපහු ආවේ සල්ලි විතරක් නෙවෙයි, සැමියාට කටක් ඇරලා කාටවත් කියන්න බැරි “අමුතුම පුරුද්දක්” අරගෙනයි.
පොලිසියට ආපු අමුතු පැමිණිල්ල පසුගිය දිනෙක මැදිවියේ පුද්ගලයෙක් ඉතාම කලබලයෙන් පොලිසියට ආවේ තම බිරිඳගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව පවසමින්.
විවිධ පැමිණිලි අංශයේ රාලහාමි මේ පුද්ගලයාව පසෙකට කැඳවා ප්රශ්නය විමසුවා. “ලොකු උන්නැහේ මොකක්ද මේ ආරවුල? ඇයි ගෑණිත් එක්ක ඉන්න බෑ කියන්නේ?” රාලහාමිගේ ප්‍රශ්නයට මේ පුද්ගලයා දුන්නේ හිතාගන්න බැරි උත්තරයක්.
“විලි ලැජ්ජාවේ බෑ රාලහාමි..” “රාලහාමි.. මේක මහ අමුතු සෙල්ලමක්. ගෑණි රට ගිහින් ආවට පස්සේ මං ඒකි ළඟට යනකොට අමුතුම කතාවක් කියනවා.මං ඒකට බෑ කීවාම නැගිටලා යනවා, රණ්ඩු අල්ලනවා. මීට කලිනුත් රට ගිහින් ආවා, ඒත් මේ සැරේ තමයි ඔය නරක පුරුද්ද පුරුදුවෙලා ඇවිත් තියෙන්නේ. කටක් ඇරලා මේවා කියන්නේ කොහොමද? විලි ලැජ්ජාවේ බෑ!” කියමින් ඔහු ඇඹරෙන්නට විය.
රාලහාමිගේ පොලිස් ප්‍රයෝගය මේ පුද්ගලයා තෙපරබාමින් කාරණය සඟවන බව දුටු රාලහාමි, “මේ ලොකු උන්නැහේ තෙපරබාන්නේ නැතිව කාරණාව කියන්නකෝ. මොකක්ද ඒ අමුතු පුරුද්ද?” කියලා ටිකක් තදින් ඇහුවා.
එවිට ඔහු රාලහාමිගේ කනට කරලා ඒ රහස කිව්වා. ඒ බිරිඳ රටේදී පුරුදු වී ආ අසම්මත, විකෘති ලිංගික ඉල්ලීමක් ගැනයි.
“කල්දේරමක් බීලත් මට ඕක කරන්න බෑ” කාරණය ඇසූ රාලහාමිටත් හිනා ගියා. “ගෑනිට වයස 42ක් විතර වෙනවා නේද? තමන් අරක්කු භාගයක් විතර බීලා ගිහින් ඒකිගේ ආශාව ඉෂ්ට කරනවාකෝ” කියලා රාලහාමි විහිළුවට වගේ කිව්වා.
ඒත් මේ සැමියාගේ උත්තරය වුණේ, “භාගයක් නෙමෙයි කල්දේරමක් බීලත් මට ඕක කරන්න බෑ රාලහාමි.. ”මට ඕන මේකෙන් වෙන් වෙන්න විතරයි” කියලයි.
අන්තිමේදී රාලහාමි පොරොන්දු වුණා බිරිඳව ගෙන්වා මේ ගැන අවවාද කරන්න.
ඇත්තටම රට රැකියා වලට ගොස් එන ඇතැම් කාන්තාවන් එහි සංස්කෘතියට හැඩගැසී ලංකාවට පැමිණ තම පවුල් ජීවිත විනාශ කරගන්නා ආකාරය පිළිබඳව මෙය හොඳ නිදසුනක්.
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
