හොදයි, හුරුවෙනව කියල හිතල පොඩි ලමයිට ෆෝන්, ටැබ් දෙන අයට දෙලොව රත්වෙන අනාවරණයක්
අපි හැමෝම හිතුවේ අපේ පොඩ්ඩෝ කුඩා කාලයේදීම ෆෝන් එකට, ටැබ් එකට හුරුවෙන එක ලොකු දක්ෂතාවයක් කියලා.
හැබැයි අද ලැබුණු මේ පුවත නම් ඇත්තටම හැමෝම කම්පනයට පත් කරන එකක්.
වයස අවුරුදු 3ත් 5ත් අතර පොඩ්ඩන් වෙනුවෙන් පවත්වන “Online පන්ති” වහාම නතර කරන්න කියලා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය දැන් නිල වශයෙන්ම ඉල්ලීමක් කරනවා.
සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙන්නේ මේ පුංචි දරුවෝ දිගින් දිගටම “Screen” එකක් දිහා බලාගෙන ඉන්න එක ඔවුන්ගේ මොළයේ වර්ධනයට මරු පහරක් වෙනවා කියලයි.
අපි නොදැනුවත්වම අපේ දරුවෝ ලොකු අනතුරකට ඇදලා දානවා නේද කියලා හිතෙන කරුණු කිහිපයක් මෙන්න.
1. දරුවා තවත් දරුවෙක් එක්ක සෙල්ලම් කරනවා වෙනුවට තිරයක් දිහා බලාගෙන ඉන්න නිසා ඔවුන්ගේ සමාජ කුසලතා සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා.
2. එක දෙයක් දෙස වැඩි වෙලාවක් අවධානය යොමු කරන්න බැරි (Attention span අඩු වීම) තත්ත්වයක් මේ නිසා ඇති වෙනවලු.
3. මේ පුංචි වයසේදීම දරුවන්ගේ ඇස් වලට සහ මොළයේ වර්ධනයට මේ කිරණ නිසා ඍණාත්මක බලපෑම් ඇති වෙනවා.
විශේෂඥයෝ කියන්නේ මේ වයසේ දරුවන්ට ඕනේ Zoom පන්ති නෙවෙයි, නිදහසේ වැලි සෙල්ලම් කරන්න, ගහකොළ දකින්න සහ ස්වභාවික පරිසරය එක්ක බද්ධ වෙලා ඉගෙන ගන්න අවස්ථාවයි.
උපුටාගැනීම: හිරුගොසිප්
