දිනුමක් නෑ කියා කෝටි පහේ දිනුම හංගාගත් ලොතරැයි විකිනූ කතට සෙල්ලම් වරදී
බොහෝ දෙනෙක් ටිකක් පතක් ලබාගන්නේ දිනුමක් අපේක්ෂාවෙන්.
එදා අන්න ඒ වගේ වාසනාවන්තයෙකුට දිනුමක් හිමිවුණු දවසක්. ඒත් අවසානයේ සිදුවෙලා තියෙන්නේ මොකක්ද කියලා දන්නවාද..?
තමා විසින් මිලදීගත් ලොතරැයිපතක් දිනුම් ඇද තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා අලෙවි කුටියක කාන්තාවකට ලබාදුන් අවස්ථාවේදී එයට දිනුමක්ද නොමැති බවට එම කාන්තාව ප්රකාශ කර තිබෙනවා.
කෙසේවෙතත් එම ලොතරැයි පතට රුපියල් පන්කෝටි හැට නව ලක්ෂයක දිනුමක් හිමිව ඇති බවට පසුව දැනගැනීමට ලැබී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර තමන්ට සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙසත් පැමිණිලිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කර තිබුණා.
රුපියල් පන්කෝටි හැට නව ලක්ෂයක් දිනුමක් හිමිව තිබූ ලොතරැයි ටිකට්පතක් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
කැලණිය ප්රදේශයේ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 2 වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අදාළ පැමිණිල්ලට අනුව ලොතරැයිපත වංචා කළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඇය වැල්ලම්පිටිය, කුරුණියාවත්ත, ෂෙල් ගෑස් පාර පදිංචි 43 හැවිරිදි තැනැත්තියක් බව පොලිසිය සඳහන් කරනවා.
මේ අතර, සැකකාරිය ඊයේ කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
