කොස්තාපල්වරියට නිරුවත් චායාරූප යැවූ මහනුවර තරුණයාට උන දේ
මුහුණු පොත සහ අන්තර්ජාලය උපයෝගි කරගෙන සිසුවියන්, තරුණ කතුන් සහ ළමයින්ට සිදු කරන සංවිධානාත්මක අපරාධවල වර්ධනයක් පෙනෙන්නට ඇතැයි කීවොත් එය මුසාවක් නොවේ. විශේෂයෙන් තරුණ කතුන්, සිසුවියන් සහ ළමයින්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමේ වර්ධනයක් දක්නට ඇත්තේ මාස කිහිපයක සිටය.
පෙම්වතුන් පෙම්වතියන් අතර ඇතිවන ආරවුල්වලදී බොහෝ විට පෙම්වතා පෙම්වතියගෙන් පළිගැනීම සඳහා ඇගේ කලින් ලබාගන්නා ලද නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමේ සිදුවීම් ගණනාවක් ද පසුගියදා වාර්තා වී තිබිණි. ඒ වගේම තරුණ විවාහක කාන්තාවන් බිය වද්දමින් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට, අන්තර්ජාලයට මුදා හරින බව පවසා කප්පම් ගන්නා කල්ලි කණ්ඩායම් ගැන ද පසුගියදා වාර්තා වී තිබිණි.
නිරුවත් කාන්තාවකගේ ඡායාරූපවලට කතුන්ගේ මුහුණ බද්ධ කර නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැරීමේ සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් ද පොලිසිය මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇත. කතුන්ගේ ජංගම දුරකතනවලට අසභ්‍ය ඡායාරූප එවා විනෝද වන පුද්ගලයන් ගැන ද පොලිසිය මේ වන විට විමර්ශන කිහිපයක්ම සිදු කරගෙන යන බව ද දැනගන්නට ඇත.
ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන පොලිස් කොට්ඨාසයේ අවිවාහක තරුණ නිලධාරිනියකගේ ජංගම දුරකතනයට වට්ස්ඇප් ඔස්සේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන කිසිවකු විසින් එවීමේ සිද්ධියක් පිළිබඳව එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළේ පසුගියදාය.
මේ තරුණ නිලධාරිනියගේ ජංගම දුරකතනයට නිරුවත් ඡායාරූප සහ අසභ්‍ය වීඩියෝ දර්ශන කිසියම් පුද්ගලයකු විසින් දිගින් දිගටම එවා තිබුණු අතර ඉන් බලවත් අපහසුතාවට පත් වූ නිලධාරිනිය ඒ බව පැමිණිලි කරන්නේ ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන පොලිස් කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දරටය. මේ පිළිබඳව තොරතුරු සොයා බැලූ නියෝජ්‍ය පොලිස්පතිනිය ඒ ගැන විමර්ශන භාර කරන්නේ අදාළ පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සමන්ති රේණුකාටය.
සැකකරු අල්ලා ගැනීම සඳහා සැලසුමක් සකස් කෙරෙන්නේ ඒ අනුවය.
මේ සැලසුමට අනුව අදාළ පොලිස් නිලධාරිනිය තමාට අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන එවන පුද්ගලයා සමඟ කතා කොට ඔහු සමඟ ව්‍යාජ ප්‍රේම සබඳතාවක් ගොඩනගා ගන්නේ කෙටි කාලයක් ඇතුළතදීය.
ටික දිනක් එම පුද්ගලයා සමඟ ව්‍යාජ ප්‍රේම සබඳතාව ගෙන ගිය පොලිස් නිලධාරිනිය ඔහු දැකීමට ආශාවෙන් පසුවන බව සඳහන් කළාය. පෙම්වතියගේ බහට රැවටුණු තරුණයා කොළඹට එන්නේ ඒ අනුවය. ඔහු ජැණ්ඩියට හැඳපැලඳගෙන අලුත්ම සුවඳ විලවුන් ඇඟ තවරාගෙන කොළඹට එන්නේ කිසි දින හැබැහින් නොදුටු පෙම්වතිය බැලීම සඳහාය. සැකකරු අත්අඩංගුවට ගන්නේ ඔහු පෙම්වතිය බැලීමට එසේ පැමිණ සිටියදීය.
තමා මාසයකට වැඩි කාලයක් තිස්සේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ එවා ඇත්තේ පොලිස් නිලධාරිනියකට බව මේ පුද්ගලයා දැනගන්නේ අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවය.
සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී හෙළිවන්නේ ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු බවය.
ඔහු මාසයකට ආසන්න කාලයක් අදාළ පොලිස් නිලධාරිනියගේ ජංගම දුරකතනයට නිරුවත් පුද්ගලයන්ගේ ඡායාරූප සහ වීඩියෝ එවා තිබුණු අතර ඒවා එවීමට භාවිත කරන ලද නවීන ජංගම දුරකතනය ද සොයා ගැනීමට පොලිස් නිලධාරීන්්ට හැකි විය.
මේ 23 හැවිරිදි තරුණයා රැකියාවක් නොකරන අයකු බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළි විය.
සැකකරු සිය ජංගම දුරකතනය භාවිත කර රූමත් යුවතියන්ට නිරුවත් ඡායාරූප සහ වීඩියෝ තවත් යවා ඇත්දැයි සොයා ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙයි.
නිරුවත් වීඩියෝ සහ ඡායාරූප පොලිස් නිලධාරිනියකට එවා ඇය අපයෝජනය කළේ යැයි යන චෝදනාව මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දරගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සමන්ති රේණුකා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.
මේ අතර කාන්තාවන්ට දුරකතනයෙන් තර්ජනය කර ඔවුන්ගේ අඩනිරුවත් ඡායාරූප ලබාගෙන එම කතුන් මුදලට විකිණෙන බව සඳහන් කරමින් අන්තර්ජාලයෙන් දැන්වීම් පළ කරන පුද්ගලයන් කණ්ඩායමක් ද සොයා විමර්ශන මේ වනවිට ක්‍රියාත්මකය.
කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට තර්ජනය කර ලිංගික අතවර කරමින් ඇගේ අඩනිරුවත් ඡායාරූප බෙදාහැරීම සහ දෙහිවල පදිංචි 40 හැවිරිදි කාන්තාවකගේ නිරුවත් ඡායාරූප බෙදාහරින බව සඳහන් කර ඇයට ලිංගික අතවර කිරීමේ සිදුවීම් පිළිබඳව ද ළමා සහ කාන්තා කාර්යාංශය මේ වන විට දීර්ඝ විමර්ශන සිදු කරගෙන යයි.
කඩවත, ගණේමුල්ලේ පදිංචි තරුණ කාන්තාවකට දුරකතනයෙන් තර්ජනය කළ අදාළ කාන්තාව මුදලට විකිණෙන බව සඳහන් කරමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධව ද ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විමර්ශන පවත්වාගෙන යයි.
උපුටා ගැනීම- සිළුමිණ