මහ රෑ පෙම්සුව විදිමින් සිටි සිසුවියගේ පෙම්වතා එලවා නරු මයන් දෙදෙනෙකු කල කැත වැඩේ
තවමත් දාහත් වන වියෙහි පසුවන ‘නදීෂා’ හැඩකාර, සුකුමාල පාසල් සිසුවියකි. යෞවනයේ එළිපත්ත මත සිටි ඇය තවමත් ඉගෙනුම ලබන්නේ 11 වසරේය. ප්‍රදේශයේ තරුණයන්ගේ ඇල්ම බැල්ම ඇය වෙත යොමු වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. ඇගේ වයසේ පසුවන සමහර මිතුරියන් ද පෙම්වතුන් ඇසුරු කළ නිසා ඇගේ සිතට ද ආදර හැඟුම් ගලා එන්නට වූයේ නිරායාසයෙනි. එහෙ මෙහෙ සැරිසැරූ නදීෂාගේ සිත අවසානයේ නතර වූයේ ‘ශිවා’ ළඟය. අසල්වැසි ගමේ පදිංචිකරුවකු වූ ‘ශිවා’ විසිඑක් හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.
නදීෂාගේත් ශිවාගේත් ආදර කතාව ගලා ගියේ ඉතා අරපරිස්සමෙනි. ඒ ඔහු දමිළ තරුණයකු වන නිසාය. මේ ගැන කිසිවෙකුටත් දැනගැනීමට ඉඩ නොතබා කටයුතු කිරීමට මේ දෙපල වගබලා ගත් අතර නදීෂාගේ මව්පියන්ට ද මෙය රහසක් වී තිබිණි. වසරකට ආසන්න කාලයක් හොර රහසේ මුණගැසෙමින් මෙම ඇසුර ගෙන යාමට ඔවුන් දෙදෙනා කටයුතු කළේ සීරුමාරුවටය.
එදිනද ඔවුන් දෙදෙනා මුණ ගැසීමට කතිකා කරගත්තේ පෙර පරිදිමය. ඒ අගෝස්තු මාසයේ 23 වැනිදාය. වේලාව රාත්‍රී 11.30 පමණ වී තිබුණි. නිවෙසේ සිට කිලෝමීටර් භාගයක් පමණ දුරින් සිටි නදීෂාගේ නිවෙස අසල පාරට ‘ශිවා’ පැමිණියේ යතුරුපැදියෙනි. කිසිවකුටත් නොදැනෙන ලෙස දොර ඇරගත් නදීෂා නිවෙසින් පිට වී ශිවාගේ යතුරුපැදියට ගොඩ වූයේ හිතේ හැටියට මුණගැසී කතාබස් කරගැනීමටය. ඒ සඳහා ඔවුන් තෝරාගත්තේ කිලෝමීටරයක් පමණ දුරින් ඇති රන්න ජනපදයේ …මාලනී වත්ත.. නමැති ඉඩමේ ගල්තලාවයි. තේ සහ රබර් වගා කර ඇති පෞද්ගලික ඉඩමක් වන මෙහි කිරිමඩුව පිටුපසට වෙන්නට මෙම ගල්තලාව පිහිටා තිබූ බැවින් කිසිවෙකුටත් නොපෙනෙන ලෙස දෙදෙනාට මුණ ගැසීමට අපහසු වූයේ නැත.
ඇඟලුම් ආයතනයක රැකියාව කළ මවත් කුලී වැඩ කළ පියාත් නදීෂාත් හැරෙන්නට නදීෂාගේ නිවෙසේ කිසිවකුත් සිටියේ නැත. නදීෂාගේ පියා හෙරොයින් පානයට ද පුරුදුව සිටි අයකු වන අතර ඒ සඳහා ඔහුට ගජ මිතුරන් දෙදෙනෙකුගේ සහාය ද ලැබුණි. ඒ එම ප්‍රදේශයේම පදිංචි හතළිස් හැවිරිදි වියේ පසු වූ තිදරු පියෙකු වන පාලිත සහ 26 හැවිරිදි වියේ පසු වූ අවිවාහකයෙකු වන අමල්ය. මේ දෙමිතුරෝ හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව වන සතුන් දඩයම් කිරීම හා මාළු බෑම ද සිදු කළහ. ඒ ජිවිකාවටත් වඩා මත්ද්‍රව්‍ය ලබා ගැනීමට අවශ්‍ය මිල මුදල් සොයා ගැනීම සඳහාය.
‘මාලනීවත්තේ’ ගල්තලාවට පිටුපසින් මීටර් 50ක් පමණ දුරින් ඇත්තේ කළු ගඟේ අත්තක් වන කුඩා දොළ පාරකි. මෙම දෙමිතුරන් එදින එම දොළ පාරේ ‘මාළු කෙටීමට’ එන්නේ නදීෂාගේ ඉරණම ද වෙනස් කිරීමට බව කිසිවෙකුත් දැන සිටියේ නැත. මේ දෙමිතුරන් එතැනට එන විට නදීෂා සිටියේ ගල්තලාව මත වාඩි වී සිටි ශිවාගේ දෙපා මත හිස තබාගෙන පෙම්බස් දොඩමින්ය.
පියාගේ මිතුරන් දුටු නදීෂා ඔවුන් හඳුනාගත්තේ එකවරමය.
“අ… අමල් අයියෙ…“
තැති ගත් නදීෂා ගොත ගසමින් ඔහු ඇමතුවේ පියාට මේ බව නොකියන ලෙස සිතින් ආයාචනා කරමිනි.
“තොපි මොකද මෙතැන කරන්නේ…? දුවපිය යන්න…“
ඔවුන් ශිවාට පහර දෙන්නට වූයේ ඉන් පසුවය. දෙදෙනකුගේ ශක්තිය හමුවේ පරාජය භාරගත් ශිවා පාර දෙසට දිවූ අතර නදීෂා දිව ගියේ දොළ පාර පැත්තටය. දොළෙන් එගොඩ ගෙවල් කිහිපයක් තිබූ අතර ඒ කිසිවකුත් මේ කිසිවක් දැන් සිටියේ නැත.
ඇය දොළ පාරේ වැටුණු අතර නරුමයින් දෙදෙනා ඇයට තර්ජනය කරන්නේ කෑගැසුවොත් මරා දමන බවටය. ඇය ඔසවාගෙන ආවේ ගල්තලාව මතටය. ඇගේ තෙත ඇඳුම් සියල්ල ඉවත් කළ මෙම තිරිසනුන් මාරුවෙන් මාරුවට අහිංසක මල් කැකුළ තළා පෙළා පොඩිකර දැමුවේ වියරුවෙනි.
“මං යාළු වුණු අයියා මාව හොයාගෙන ටික වෙලාවකින් එතැනට ආවා… මුං මට කෑගහන්න නොදී මගෙ කට මිරිකගෙන අත් දෙකත් අල්ලගෙනයි හිටියෙ. ටෝච් ගහල බැලුවට එයා මාව දැක්කේ නැහැ. බයිසිකලේ තිබුණේ ටිකක් එහා. එයා හෙල්මට් එකයි බයිසිකලෙයි අරගෙන යන්න ගියා…“
මේ දෙදෙනා අලුයම එකහමාර පමණ වනතුරු ඔවුන්ගේ නොසන්සිඳෙන කාමුක ආශාවන් සම්පූර්ණ කරගැනීමට උත්සාහ කළේ නදීෂා ද අඩපණ කරමිනි.
වධ තිස් දෙකටත් වැඩියෙන් ලබාදීමෙන් පසු ඇඳුම් අන්දවා ඇයව නිවෙස අසලට කැටුව ඒමට ඔවුන් කටයුතු කළේ මේ ගැන කිසිවෙකුට හෝ පැවසුවහොත් ඇය මරා දමන බවට ඇයට තර්ජනය කරමිනි.
මෙම සිද්ධියෙන් පසුව නදීෂා සිටියේ දැඩි කායික මෙන්ම මානසික කම්පනයකිනි. ඇගේ ‘අමුතු හැසිරීම’ මවට ද රහසක් නොවිණි. මව මේ ගැන විමසූ විට ‘අමල් අයියලා’ තමාට කරදර කළ බව නදීෂා පැවසුවත් ඔවුන් එතරම් ගණන් නොගෙන කියා සිටියේ ‘සද්ද නොකර’ සිටින ලෙසය. නදීෂා මෙන්ම ඔවුන් ද මෙය හෙළි කිරීමට බිය වූවාට සැක නැත.
පාසල් ගිය නදීෂා හදිසියේ අසනීප වන්නේ පසුගිය 24 වැනිදාය. විදුහලේ ප්‍රථමාධාර කාමරයට රැගෙන ගිය නදීෂාගෙන් ගුරුතුමිය මේ වෙනසට හේතුව විමසා සිටි අතර ඇය සියල්ල නොවලහා හෙළි කළේ මවගෙන් නොලැබුණු පිහිට ගුරුතුමියගෙන් ලබාගැනීමටය.
ගුරුතුමිය විසින් විදුහල්පතිවරයාට මේ බව දැනුම් දී පොලිසිය දැනුම්වත් කළේ මෙම සහාසික අපරාධයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහාය.
එහෙත් ඒ වන විටත් අමල් සිටියේ සිරගතවය. ඒ යුක්තිය මෙහෙයුම යටතේ මාස හයක කාලයක් පුනරුත්ථාපනය වී පැමිණ නැවත අයිස් ජාවාරමේ නිරතව සිටියදී අත්අඩංගුවට පත්වීමෙනි.
අවුරුදු 16 ක දියණියක් සිටින තිදරු පියෙකු වන පාලිත තම දියණිය හා සම නදීෂාට මෙවැනි අපරාධයක් සිදු කළ අනෙක් පාපතරයා වන අතර ඔහු අත්අඩංගුවට පත් වූයේ රන්න ජනපදයේ කැලෑවක සැඟවී සිටියදීය. ඒ හක්කපටස් වර්ගයේ බෝම්බයක් ද අතැතිවය.
කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි 02 සුනෙත් ශාන්තගේ අධීක්ෂණයෙන් තෙබුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජරත්න ජයසුන්දරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ දිසානායක, ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා ලක්ෂ්මි විජේරත්න, සැරයන්වරුන් වන (61896) කරුණාරත්න, (55264) රොෂාන්, කාන්තා පොලිස් කොස්තාපල් (11494) ශෂිනි යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.
(අමල්, පාලිත, ශිවා හා නදීෂා නම් මනඃකල්පිතය)
විනීතා මානෙල් ගමගේ – හල්තොට සමූහ
උපුටාගැනීම: සිළුමිණ