වෙරළබඩ කැලඹූ හදිසි මෙහෙයුමක් – 28 දෙනෙක් අත්අ ඩංගුවට
වෙරළබඩ පොලිස් වසමේ ප්‍රදේශ තුනක සිදුකළ මෙහෙයුමකදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 28ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඒ අතර සැකකරුවන් 12කුද වන බව පොලීසිය සඳහන් කළේය.
ජම්පටා විදිය, ශාන්ත අන්තෝනි පාර හා රත්නම් පාර 44 වත්ත ප්‍රදේශ ආවරණය වන පරිදි එම මෙහෙයුම සිදුකර තිබුණි.
එම මෙහෙයුමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12,900ක් හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,900ක් මෙන්ම ගංජා ග්‍රෑම් 10ක් සැකකරුවන් සහ සැකකාරියන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
එම ප්‍රදේශවල හඳුනාගත් නිවාස 40කට ආසන්න සංඛ්‍යාවක් මෙන්ම මාර්ගයේ ගමන් ගත් සැක කටයුතු පුද්ගලයන්ද දැඩි පරීක්ෂාවට ලක්කර මත්ද්‍රව්‍ය සොයා ගත් බව පොලීසිය පවසයි.
පුරා පැය 2කට ආසන්න කාලයක් සිදුකළ මෙහෙයුම සඳහා “අමායි” නමැති සුනඛ බැල්ලිය ද යොදා ගැනුණු අතර විශේෂ කාර්ය බළකායේ නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරීන් 50කට ආසන්න ප්‍රමාණයක් මෙහෙයුම සඳහා සහභාගි වූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ada derana