රේඩියෝව දැමුවාට උරන වී මිතුරාට අවසන් ගමන් යන්නම දුන් කුලුගෙඩි පහ ර
රත්නපුර ගිලීමලේ ප්‍රදේශයේ පතලක සේවකයෙකු එහි තවත් සේවකයෙකු විසින් ඝාතනය කර තිබේ.
ඊයේ (10) රාත්‍රියේ වාඩියේ නිදාගෙන සිටි අවස්ථාවේ එක්සේවකයෙක් එහි තිබූ ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කළ අවස්ථාවේ ඊට විරුද්ධ වූ පුද්ගලයෙකු එය වසා දැමීමත් සමග ගුවන් විදුලිය ක්‍රියාත්මක කළ පුද්ගලයා සහ එය වසා දැමූ පුද්ගලයා අතර බහින්බස්වීමක් ඇතිව තිබේ.
එම අවස්ථාවේ ගුවන් විදුලිය ක්‍රියාත්මක කළ පුද්ගලයා විසින් කුළු ගෙඩියකින් සහ යකඩ ඉන්නකින් පහර දී අනෙක් පුද්ගලයා ඝාතනය කර ඇත.
මෙම පතල් වාඩියෙම තවත් පැත්තක නිදාසිටි අනිත් පුද්ගලයා මාධ්‍යයට පැවසුවේ දෙදෙනාම එකට අරක්කු පානය කළ බවත් එය මදිවී නැවතත් අරක්කු ගෙනවිත් පානය කර නින්දට යෑමේදී සැකකරු විසින් ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී එය මුල්කර බහින්බස්වීමක් ඇති වූ බවත් පසුව තමන්ට පොළොවට ගසන හඬක් වැනි හඬක් ඇසී ගොස් බලන විට මරණකරු ලේ ගලන තුවාල සහිතව බිම වැටි සිටි බව ඔහු පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ ගිලීමලේ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 52ක පුද්ගලයෙකි.
සැකකරු වෙනත් ප්‍රදේශයක පදිංචිකරුවෙක් වන අතර සිද්ධියෙන් පසු ඔහු පලායාමට උත්සාහ කිරීමේදී පතල් සේවකයන් විසින්ම ඔහු අල්ලා පොලිසියට භාරදී ඇත.
රත්නපුර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.