නිරු වත් රූ එවූ 14 වියැති දැරි යට ‘ටික් ටොක්’ පෙම්වතා හ දි කරලා
අනුරාධපුර, ඇලයාපත්තුව ප්‍රදේශයේ වයස අවුරුදු 14ක බාල වයස්කාර පාසල් දැරියක ‘ටික් ටොක්’ සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් රත්නපුර ප්‍රදේශයේ තරුණයකු අතින් ස්ත්‍රී දූෂණයට ලක් වීමේ සිද්ධියක් ඇලයාපත්තුව පොලිස් වසමෙන් වාර්තා වේ.
එම පොලිස් වසමේ පාසලක නවය වසර ඉෙගනුම ලබන මෙම දැරිය, පාසලට නොපැමිණ, තරුණයකු සමඟ ගොස් පසු දින පාසලට පැමිණ සිටින බවට, විදුහල්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලීසිය පැවසීය. ‘ටික් ටොක්’ සමාජ මාධ්‍ය මඟින් හඳුනාගත් රත්නපුර ප්‍රදේශයේ පදිංචි එම තරුණයා සමඟ දැරිය ඇතිකර ගත් ප්‍රේම සබඳතාවක් මත දැරිය විසින් සැකකාර පෙම්වතාට නිරුවත් ඡායාරූප යවනු ලැබ ඇති බවත්, අනතුරුව එම සැකකාර පෙම්වතා එම ඡායාරූප ‘ෆේස්බුක්’ වෙත මුදා හරින බවට දැරියට තර්ජනය කර බිය ගන්වා, කුරුණෑගල ප්‍රදේශයට ගෙන්වාගෙන වඳුරාගල ප්‍රදේශයේදී ස්ත්‍රී දූෂණයට ලක් කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ළමුන් මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් පොලිසියට පැමිණ, පැමිණිලි කිරීමට මැළිකමක් දක්වන අය සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් පවත්වාගෙන යන, පැය 24 පුරා ක්‍රියාත්මක ගාස්තුවලින් තොර, ‘1929’ ක්ෂණික දුරකතන අංකය අමතන ලෙස ද පොලිසිය දරුවන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක් කර සිටියි.
dinamina