අනුරටම උපරිම සහන දෙන බවට සජිත් නිල වශයෙන් දන්වයි.
මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා ජාතික ජන බලවේගය ලැබූ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කර තිබේ.
ජනතාව බලාපොරොත්තු වන යහපත් රාජ්‍ය පාලනයක් සඳහාත්, ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන දේශයක් ගොඩනැගීම සඳහාත් අවශ්‍ය ශක්තිය වත්මන් පාලනයට නොඅඩුව ලැබී ඇතැයි, එම නිවේදනයේ සඳහන්.
එහි දැක්වෙන්නේ මෙරට ජනතාවට දුන් පොරොන්දු මත පිහිටා තම ධුර කාලය සාර්ථකව ඉටු කිරීම තමන් සතු අභියෝගය ලෙස ඔවුන් වටහාගෙන ඇතිබවට තමන් විශ්වාස කරන බවයි.
පැවති දේශපාලන බලවේග තුනෙන් දෙකක බලය භාවිත කරමින් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් කඩ කළ ආකාරය අමතක නොකරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා වත්මන් රජයට සිහිපත් කරනවා.
එමෙන්ම සජිත් ප්‍රේමාදාස මහතා මෙම නිවේදනයෙන්පවසන්නේ මේ තීරණාත්මක මැතිවරණයේ දී තම පක්ෂය වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියළු දෙනාට සමගි ජන සන්ධාන කණ්ඩායමේ ස්තුතිය පුද කරන බවයි.