ලීක් වූ වීඩියෝව ව්‍යාජ එකක් ඇත්ත හෙළි වෙයි.
අනු හා කනු නමින් ප්‍රකට සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය සොයුරියන් යුවළක් වන අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනා, ඔවුන්ට සම්බන්ධ වීඩියෝවක් ව්‍යාජ ලෙස නිර්මාණය වී අපහාසාත්මක ආකාරයෙන් හුවමාරු වන බව කියමින් පැමිණිල්ලක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබේ.
ඔවුන් පවසන පරිදි අසභ්‍ය ආකාරයට ඇඳුම් උනාදමා නිරුවත පෙන්වන ලෙස සකසා ඇති මෙම වීඩියෝව කෘතිම බුද්ධිය (AI) උපයෝගයෙන් ව්‍යාජ ලෙස නිර්මාණය කළ එකකි. එය බෙදා හැරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නට ඔවුන් සූදානම්ය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුෂ්කි සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර හඩමින් පැවසුවේ ඔවුන්ට සම්බන්ධ AI ජනිත වීඩියෝවක් පසුගිය රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතින බවත් ඒ නිසා මානසික පීඩාවට ලක්වූ බවත්ය.
“අප සම්බන්ධ කරලා AI වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වෙමින් තියෙනවා. මීට පෙරත් මෙවැනි වීඩියෝවක් බෙදා හැර තිබුණා. මෙය අඛණ්ඩව සිදුවෙමින් පවතින දෙයක්.
අප සමග වෛරයකින් පසුවන විශේෂිත කණ්ඩායමක් මේක කරන බව පේනවා” ඔවුහු පැවසූහ.
වීඩියෝව බෙදා හැරීම පිටුපස සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට CID විසින් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, විවිධ සමාජ මාධ්‍ය වේදිකා තුළ එම වීඩියෝව බෙදා හරින අනෙකුත් පුද්ගලයන්ට එරෙහිවද ක්‍රියාමාර්ග ගන්නා බව අනුෂ්කි සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර පැවසූහ.
කඳුළු සලමින් දෙදෙනා පැවසුවේ, දැඩි හිරිහැරයට ලක්වීම හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූ බවත්, මෙවැනි ආකාරයෙන් කාන්තාවන්ට පහර දීමෙන් වැළකී සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.