ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරයක් හිරුණිකාට ?
මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගය පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් කාන්තාවකට ලබා දෙනවා නම් එයට සුදුසු කෙනා තමා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවා ය.
ඇය මෙසේ සඳහන් කළේ, අද (නොවැ. 20) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ය.
“දැනට ගැසට් කරලා තියෙන්නේ මහ ලේකම්තුමාගේ නම විතරයි. තව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හතරක් තියෙනවා. එහිදී කාන්තාවකට ජාතික ලැයිස්තුවෙන් ලබා දෙනව නම් ඒකට සුදුසුකම් මම සපුරනවා කියලා මම විශ්වාස කරනවා. නායකතුමාව මම සියයට සියයක් විශ්වාස කරනවා වගේ ම ඔහු ත් මාව විශ්වාස කරනවා කියලා මම දන්නවා. මම පක්ෂය වෙනුවෙන්, පක්ෂය ආරම්භ කරපු දවසේ සිට ගම්දනව් පුරා කාන්තාවන් එක් රැස් කරමින් නායකතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම කැප කිරීමක් කරපු කෙනෙක්. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් කාන්තාවකට හිමි වෙනවා නම් ඒකට සුදුසු කෙනා මම කියන එක මම විශ්වාස කරනවා.”
mawbima