කාලගුණය වෙනස් වෙයි. දිස්ත්‍රික්ක 6කට අනතුරු ඇඟවීම් මේ වන විට පුද්ගලයක් 15 000 පීඩාවට පත් වෙයි.
දිවයිනේ නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුර, උතුරු මැද, මධ්‍යම, ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
මන්නාරමේ සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි අජිත් විජේමාන්න මහතා, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
මේ අතර, නිල්වලා ගඟ, තල්ගහගොඩින් සහ පානදුගමින් සුළු ගංවතුර මට්ටමට ළඟාවී තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ අවට පහත්බිම්වල ජනතාවට දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.
ආපදා තත්ත්වයක් ඇති වුවහොත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන කරා ගමන් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව, මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
එහි සහකාර අධ්යක්ෂ ලුතිතන් කර්නල් කැළුම් කුඩාගමගේ මහතා සඳහන් කළේ, බෝට්ටු විස්සක් සහ යුනිකෝන් රථ දෙකක් යොදා ගනිමින් ප්‍රවාහන කටයුතු සිදු කෙරෙන බවයි.
මේ අතර, දිස්ත්‍රික්ක 6කට තවදුරටත් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වෙයි.
එම දිස්ත්‍රික්ක වන්නේ, බදුල්ල, ගාල්ල, මාතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුරයි.
දිවයිනට බලපා ඇති තද වැසි සහිත කාලගුණික තත්ත්වයෙන් පවුල් 4184 ක පුද්ගලයින් 15,622 දෙනෙකු පීඩාවට පත්ව සිටී.
ඉන්, පුද්ගලයින් 399ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරිණ.
මේ අතර, නායයෑමක් හේතුවෙන් පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය, 20 කණුව (ඩූමෝ කොටස) ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර මහතා සඳහන් කළේ, උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.