ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිට එක්වරම කලාවෙන් ඉවත් වූ සුපිරි තරු
කවුරුත් කැමතීනෙ ජනප්‍රිය වෙන්න, ඒ වගේම ඒ ජනප්‍රියතාවය දිගටම තියාගන්නත් අපි කවුර්ත් කැමතී, ඉතින් කාලයක් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිට එකවරම කලා ලෝකයෙන් ඉවත් වූ නිළියක් කිහිප දෙනෙක් ගැන තමයි අපි අද ඔයාලට අරන් ආවේ. මෙතනින් සමහරුන්ට නම් ඉතාමත් දුක්බර හේතු තිබිලා තියෙනවා කලාවෙන් ඉවත් වෙන්න. අපි දැන් බලමු ඒ කවුද කියලා.
පූජා උමාශංකර්
ඉතාමත් දක්ශ ඒ වගේම ශ්‍රී ලාංකීය ප්‍රේක්ශයන් ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිණියක් තමයි පූජා උමාශංකර් කියන්නෙ. වර්ෂ 2006දි පමන ලාංකීය සිනමාවට පැමිනෙන ඇය එතැන් පටන් සුවිසල් රසික ආකර්ශනයක් සහිතව සිනමා නිළියක් ලෙස මෙරට ඉතාමත් හොද ස්ථාවරත්වයක් ගොඩනගාගත්තා.
ඊට අමතරව, ඇය මෙරට සිනමා සම්මාන උළෙල කිහිපයකදී ජනතා සම්මානය ද දිනාගනු ලැබූ අතිශය ජනප්‍රිය සිනමා තාරකාවක් වීමද විශේශත්වයක්.ඇය රඤ්ගනයට දායක වූ ඉතා ප්‍රසිද්ද සිනමා නිර්මාන කීපයක් ලෙස අංජලීකා, ආසයි මං පියාඹන්න, සුවඳ දැණුනා ජීවිතේ, කියන සිනමාපට හදුන්වන්න පුලුවන්. කෙසේ නමුත් ඉතාමත් ජනප්‍රියව සිටි ඇයව මෑතකදීනම් ප්‍රේක්ශකයන්ට වැඩිය දැකගන්නට ලැබුනේ නැහැ.
පියුමි පුරසිංහ
වැඩ බැරි ටාසන්, තුශාරා සහ තවත් ටෙලිනාට්‍ය කිහිපයකින්ම ප්‍රේක්ශකයන් අතරට පැමිනි රූමත්, ඉතාමත් නිහතමානී රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් තමයි පියුමි පුරසිංහ කියන්නෙ. කාලයක් රූපවාහිනිය හරහා ප්‍රේක්ශකයන්ට නිතර දැකගන්න ලැබුනු ඒ වගේම ඉතාමත් ප්‍රසිද්ද වෙලා හිටපු ඇය වර්තමානයේදි නම් නව නිර්මාන තුලින් ප්‍රේක්ශකයන්ට දැකගන්න ලැබෙන්නේ නැහැ, ඒ කොහොම උනත් ඇයට ප්‍රේක්ශක ප්රතිචාරයන්ගෙන්නම් අඩුවක් දක්නට ලැබෙන්නේනම් නෑ කියලයි අපිටනම් දැනගන්න ලැබුනේ. ඒ වගේම ඇය පසුගිය කාලයේ කලා නිර්මාන වලට දායක නොවුනෙ ඇගේ අද්යාපන කටයුතු වලට වෙලාව වෙන්කරන්න අවශ්‍යය උන නිසා කියලත් ඇය ප්‍රකාශ කරල තිබුනා. ඊට අමතරව වර්තමානයේ නැවතත් හොද නිර්මානයක් ලැබුනොත් ඒ හරහා ප්‍රේක්ශකයන් අතරට පැමිනෙන්න වගේම ඇයට ව්‍යාපාරිකාවක් වශයෙන් කටයුතු කරන්නත් අදහසක් තියෙනව කියලත් අපිට දැනගන්නට හැකිවුනා
කවුශි පෙරේරා.
කාලයක්ම රූපවහිනියේ වගේම අන්තර්ජාලය හරහාත් නිතරම දැකගන්නට ලැබුන කෙනෙක් තමයි කවුශි පෙරේරා කියන්නෙ. ෆොටෝශූට් මියුසික් වීඩියෝ, වෙලද දැන්වීම් හරහා ඇය කාලයක්ම ප්‍රේක්ශකයා අතරට පැමිනියා. ඉතින් මේ විදියට කාලයක්ම ප්‍රේක්ශකයා අතර කතා මවමින් හිටපු කවුශි පෙරේරා දැන් ටික කාලයක ඉදන් වැඩිය අපිට දැකගන්නට ලැබෙන්නේ නැහැ.
උදාරි කෞශල්‍යා
ලංකාවේ ප්‍රෙක්ශකයන් අතර ඉතාම ප්‍රසිද්ද , ඉතාමත් දක්ශ හා හැඩකාර රංගන ශිල්පිනියක් විදියට අපිට උදාරි කෞශල්‍යා හදුන්වන්න පුලුවන්. ඇය විසින් රංගනයෙන් දායක උන රාවනා, හේලි වගේ ටෙලිනාට්‍ය හරහා ඇය ලංකාවෙ ප්‍රේක්ශකයො අතර ඉතාමත් හොද ජනප්‍රියත්වයක් අත්කරගත්තා. ඒ වගේම ඇය රංගන ශිල්පිනියකට අමතරව ඉතාමත් දක්ශ නර්තන ශිල්පිනියක් වගේම මෝස්තර නිරූපන ශිල්පිනියක් වනවා. ඇගේ විවාහය ගැන කියනකොට, ඇය විවාහ වුනේ ලංකාවෙ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සංගීත් සතරසිංහ සමගයි . නමුත් විවාහ වී කාලයකට පසුව ඔවුන් විවාහයෙන් වෙන් වනවා. කෙසේ උනත් අපිට උදාරිව මෑතකදී කලානිර්මාන හරහා දැකගැනීමට ලැබුනේනම් නැහැ
අනර්කලී ආකර්ශා
අපේ රටේ ඕනෑම කෙනෙක් නම කිව්ව ගමන් අදුනන ජනප්‍රිය හැඩකාර රංගන ශිල්පිනියක් තමයි අනර්කලී ආකර්ශා කියන්නෙ. කොළඹ අන්තර්ජාතික පාසලකින් අධ්‍යාපනය හදාරපු ඇය, ඉන්පසුව නිලියක්, නිරූපිකාවක්, ගායිකාවක් මෙන්ම රූපවාහිනී නිවේදිකාවක්ද ලෙස ප්‍රේක්ශකයාට දැකගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ වන විට ඇය සිනමාපට 22 කට වැඩි ප්‍රමානයකටද, ටෙලිනාට්‍ය 10 ක පමන ප්‍රමානයකටද ඇගේ රංගනයෙන් දායක වෙලා තියෙනවා.
කෙසේ නමුත් ඇයව වර්තමානයේ අපිට අලුත් කලා නිර්මාන හරහා දැකගන්න ලැබෙන්නේනම් නැහැ. මේ වන විට ඇය විවාහ වෙලා විදෙස් රටක පදිංචි වෙලා සිටීම එයට හේතුව වෙලා තිබෙනවා.
ශෙරිල් රොමේන්
කාලයක් ලංකාවෙ ප්‍රේක්ශකයන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්වෙලා හිටපු දක්ශ රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් රොමේන් කියන්නෙ. අමා ටෙලිනාට්‍ය හරහා ජනතාව අතර ඉතාමත්ම ප්‍රසිද්දියට පත්වුන ඇය මේ වන විට විවාහ වෙලා ඉන්නෙ ප්‍රසිද්ද ගායන ශිප්ලියෙකු වන රුවන් හෙට්ටිආරච්චි මහතා සමගයි. විවාහයෙන් පසුව අපිට මෑතකදී ඇයවද මේ වන විට රූපවාහිනිය හරහා දැකගන්නට ලැබුනේනම් නැහැ.
.
මේ වගේම අපි ඔයාලට තවත් ලස්සන ආටිකල් ගොඩක් ගෙනැත් තියෙනවා,පහලින් ඔයාට ඒව බලන්න පුලුවන්. ඒ වගේම මේ වගේ ලස්සන ආටිකල් බලන්න අපිත් එක්ක දිගටම රැදිල ඉන්න. යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.