නෝනාව සප්‍රායිස් කරන්න රට ඉදන් ආපු සැමියා සප්‍රායිස් වෙයි
නෝනාගේ ජන්ම දිනය දා ඇය පුදුම කරවන්න විදෙස් රටක සිට නොදන්වා පැමිණි සැමියෙකුට පුදුම වෙන්න සිදු වූ පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
ඔහුගේ පණ නෝනාය. ඒ නිසාම දෝ නෝනාට යම්කිසි දොසක් කවුරුවත් කියනවාටවත් ඔහු කැමති නොවීය. නෝනා මෙරට තනිකර විදෙස් ගතවූයේද ඇයට සැප දෙන්නය.
විදෙස් රටක සිටියද ඔහු ඉඩක් ලද විගස ඇයට දුරකතන ඇමතුම් දෙන්නේය. කිසිම ලෝභකමක් නැතිව ඇය ඉල්ලන ඉල්ලන දේ ගැනීමට මුදල් යහමින් එව්වේය. ඊට සමගාමීව ඇගේ මුවින්ද ගලා ගිය ආදර වදන්ද බොහෝය.
ඒ ආදර බස් හමුවේ? ඔහු තව තවත් ඇය ඉල්ලන ඉල්ලන දේ ගැනීමට මුදල් එව්වේය. ඇත්තටම මෙවැනි භාර්යාවක් ලැබුණේ තමාගේ පෙර පිනකට යයි ඔහු සිතුවේය. ඔහු සේවය කරන රටේ මිතුරන්ට ද එය කීවේය. ඔහු උදේට නැගිට්ටෙන් රාත්‍රියේ නින්දට ගියේත් කාමරයේ මේසය මත තබා තිබූ ඇයගේ ඡායාරූපය බල බලාය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ඔහු විදෙස්ගත වී වසරක් ගතවූවේය. එය ඔහුට නම් කල්ප කාලයකි. භාර්යාවට නම් සුළු කාලයකි.
වසරකින් ඔහුට කෙටි නිවාඩුවක් ගැනීමට සේවය කරන ආයතනයෙන් අවසර ලැබී තිබුණත් ඔහු ඇයට ඒ ගැන කටේ කෙළ බිඳක් බිම නොහැලුවේය. ඒ එක හේතුවක් නිසාය.
ළඟ ළඟ එන භාර්යාවගේ උපන්දිනය නිසාය. එදාට ලංකාවට ගොස් ඇය පුදුම කරන්නටය. ඇයගෙන් වැඩි වැඩියෙන් ආදරය ලබා ගෙන කෙටි නිවාඩුව ප්‍රීතියෙන් ගත කිරීමටය.
එදා උදේ ඔහු සිය නිවසට ආවේය. නිවසේ ගේට්ටුව වසාය. ගේට්ටුව ළඟ සිටම ඔහු ජංගම දුරකතනයෙන් ඇයට සුබ පැතීය. තොදොල් වෙමින් ඇය කීවේ තමා මතක්වුණේ දැන්දැයි ඇසුවාය.
ඇයගේ කඩ හඬ ඉතාම සිහින්ය. ඔහු සිතුවේ ඇය අසනීපයකින් පෙළෙනු ඇතැයි සිතාය. තවත් ඇය රිදවීමට හොඳ නැතැයි සිතු ඔහු කීවේ තමා ඉන්නේ නිවසේ ගේට්ටුව ළඟ බවය.
ඔහු සිතුවේ ඇය කඩා පැනගෙනවිත් තබා සිප වැලඳ ගනීවී යයි සිතාය. ඇය එන්න පරක්කුය. ඔහුම ගේට්ටුව විවෘත කරගෙන නිවස දෙසට පිය නැගීය.
නිවසේ දොරකඩ පිරිමියෙකුගේ පාවහන් යුගලක්ය. ඔහුගේ හෘදයේ ලබ් ඩබ් ශබ්දය වැඩි විය.
ඉදිරිපස දොර ඇරෙනු වෙනුවට නිවසේ පිටුපස දොර ඇරෙනු ඇසුනේය. ඒ එක්කම නෝනා නිවසේ ඉදිරිපස දොර ඇරගෙන ආවාය. කෙස් වැටිය අවුල්ය. රාත්‍රී නිදන ඇඳුම පිටින්ය. මුහුණ රතු වෙලාය. නිදන කාමරයේ සයනයද අවුල්ය. සිදු වූ දේ තේරුම් ගිය ඔහු ඇයට තඩි නොබා ගියේ පොලීසියටලු.