මනාලයා පැය බාගයක් පරක්කු වීමෙන් මනාලිය කල දේ
විවාහයෙන් පසු දෙවැනි ගමන නිමා කොට නිවසට පැමිණි මනමාලයා මිතුරකු සමග බියර් එකක් පානය කලයි උරනවූ මනමාලිය මනමාලයාට පහර දී කන සපා කෑල්ලක් කඩා විවාහය නිමා කළ සිද්ධියක් වාර්තා වුණා.
ඒ ගම්පොල ප්‍රදේශයෙන්.
මනමාලයාට පහරදුන් මනමාලිය මනාලයාගේ සිරුරද සූරා තුවාළ කොට මනමාලයාගේ නැගණියට ද පහර දී, නැන්ද මාමාට බැණ වැදී පැලද සිටි මංගල මුදුව මනමාලයාට ගලවා දී ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි.
මෙම මනමාලයා හා මනමාලිය වසර හතක් ආදරය කොට විවාහ වූ යුවළක්.
මනමාලිය ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඇය පුද්ගලික මුල්‍ය ආයතනයක ද සේවය කොට ඇති අතර මනමාලයා ගලත ප්රදේශයේය. ඔහුද පුද්ගලික ආයතනයක රැකියාවක් කරන්නෙකි.
දෙදෙනාගේ විවාහය මීට දින පහකට පෙර සිදුකර ඇත්තේ විශාල මුදලක් වැය කරමිනි ඡායාරූප ශිල්පියාට පමණක් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලකි.
දෙදෙනාම හනිමුන් ගොස් දින හතරක් පමණ ගත කොට යලි ගලත පිහිටි මනමාලයාගේ නිවසට පැමිණ තිබේ. එහිදී මනමාලයාගේ මිතුරකු හමුවී ඇති මනමාලයා දෙදෙනාම බියර් එකක් පානය කොට තිබේ.
මේ හේතුව නිසා මනමාලයාට නිවස තුළට පැමිණීමට පැය භාගයක ්මාදයක් සිදුව තිබේ.
මින් දැඩි ලෙස කෝපයට පත්ව ඇති මනමාලිය නිවසට පැමිණ ඇති මනමාලයාට බැන වැදී පහර දී මට පටන් ගෙන තිබේ පසුව ලේ පෙරෙන තුරු කන සපා කා ඇති ඇය ඔහුගේ ශරීරයද නියපොතුවලින් සුරා තිබේ.
කලබලය නැවතීමට මැදිහත් වූ මනමාලයාගේ මවට හා පියාට බැණ වැදී ඇති මනමාලිය මනමාලයාගේ මව ද තල්ලු කර දමා තිබේ අනතුරුව මනමාලයාගේ නැගනියට ද පහර දී ඇති ඇය සිය නිවසට දුරකථන ඇමතුමක් දී තමා රැගෙන යාමට පැමිණෙන ලෙස දන්වා තිබේ.
ඒ අනුව මනමාලියගේ පාර්ශවයේ විශාල පිරිසක් ත්‍රිරෝද රථවලින් මනමාලයාගේ නිවසට පැමිණීමත් මනාලිය රැගෙන ගොස් ඇත.