සැකකාරිය පොලිසිය දුටු ගමන් දිව යයි
ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකාරිය බව කියන, ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව තෙබුවන, රන්නගල වතුයායේ නිවසක සිටින බවට ලැබුණු තොරතුරක් මත පෙරේදා (24) රාත්‍රී එම නිවස වටලා එහි සිටි කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අනතුරුව ඊයේ රාත්‍රීයේ එම නිවසට යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය හා තෙබුවන පොලිසියේ නිලධාරින් එක්ව ආරක්ෂාව ලබා දී තිබුණා.
මේ අතර ඊයේ (25) උදෑසන මතුගම ජේෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු නිලධාරීන් එම ස්ථානයට ගොස් නිවස අවට ප්‍රදේශය යුද හමුදාව හා පොලිසිය සමග එක්ව පූර්ණ පරීක්ෂාවට ලක් කළා.
එහිදී කිසිදු සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට හැකිව නැති බවයි අප වාර්තාකරු පැවසුවේ.
සැක කටයුතු කාන්තාව ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට සති දෙකකට පමණ ඉහත දී තෙබුවන පොලිස් වසමට අයත් මතුගම රන්නගල ප්‍රදේශයේ හිතවතියක ගේ නිවසට පැමිණ ඇති බව පැවසෙනවා.
මේ අතර ප්‍රදේශවාසීන් මේ කාන්තාවට පිළිබඳව විමසිලිමත්ව සිට පොලීසිය වෙත තොරතුරු ලබාදී තිබෙනවා.
පසුව පෙරේදා (24) රාත්‍රී නිවස වටකර සෝදිසි කිරීමත් සමග මෙම කාන්තාව නිවසින් පිටතට දිව ගොස් කෑලෑවේ සැගවී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සමගම සෝදිසි මෙහෙයුම වේගවත් කළ ආරක්ෂක අංශ නිලධාරීන් ඊයේ (25) උදෑසන සිට යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය, තෙබුවන, අගලවත්ත, දොඩංගොඩ පොලීසි එක්ව සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙනවා.
මේ සමග හොරණ මූලස්ථාන පොලිසියට අනියුක්ත මත්ද්‍රව්‍ය සඳහා විශේෂ පුහුණුව ලැබූ “රොමී” නැමති නිල සුනඛයාද මෙහෙයුම සඳහා එක් කරගෙන තිබෙනවා.
මෙම නිවසේ ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකර ඇති අතර පරිගණකයක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
එම නිවස අයිති පුද්ගලයා මීට සති කිහිපයකට ඉහතදී විෂ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති බව පොලිසිය පවසනවා.
මේ අතර අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් අති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
හිරු ගොසිප්