නවාතැන්පොලේ සිහිනැති වුනු කාන්තාව ලග තිබුන ඇදහිය නොහැකි දේ
නවාතැන් පොළක නාන කාමරයක් තුළ සිහි මුර්ජා වී වැටී සිටි කාන්තාවක් සිහි ගන්වා පරික්ෂාකර ප්‍රශ්න කිරීමේදී, ටි 56 වර්ගයේ ගිනි අවියක් හා උණ්ඩ තොගයක් සමග අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය පවසනවා.
වත්තල, හේකිත්ත පාරේ කාමර කුලියට ලබාදෙන නවාතැන් පොළක නාන කාමරයක් තුළයි එම කාන්තාව සිහි මුර්ජා වී වැටී සිට ඇත්තේ.
එහිදී විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ඇයට ලබා දුන් බව කියන ටි 56 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකි වූ බවයි වත්තල පොලිසිය පවසන්නේ.
එම ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටි ඇයගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයෙක්ද පොලිස් අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයා සතුව තිබී ටි 56 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 113ක් මැගසින් 4 ක්, සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.
වත්තල හේකිත්ත පාරේ නවාතැන් පොලක් තුළ කාන්තාවක් ගෙල වැලලාගෙන සිටින බවට වත්තල පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.
එම තොරතුරට අනුවයි නිලධාරීන් කණ්ඩායමක් ගොස් පරීක්ෂා කිරීමේදී නාන කාමරයක් තුළ සිහි මුර්ජා වී සිටි මෙම කාන්තාව හමුව ඇත්තේ.
හිරුගොසිප්