බෑනාට අකමැති වූ මාමන්ඩිය දුවව පැහැරගෙන හංගයි
වැලිගම – බොරාළගම ප්‍රදේශයේ පදිංචි සිය විවාහක දියණිය පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් පියෙකු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පසුගිය මාර්තු 25 වනදා අදාල සිදුවීම වාර්තා වී තිබූ අතර එම කාන්තාව ඊයේ දිනයේ දී සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
එම කාන්තාවගේ ස්වාමි පුරුෂයාට පියා දැක්වූ අකමැත්ත මත තමන් සිය දියණිය පැහැර ගෙන ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක සගවා තැබූ බවයි ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
අදාළ කාන්තාවගේ සැමියා මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී සිටින අතර ඉන් ඉවත් වන ලෙස දැනුවත් කලද ඔහු ඊට සැලකිල්ලක් නොදැක්වීම මත එම කාන්තාවගේ පියා මෙම පැහැරගැනීම සිදු කර ඇති බවටයි වැඩි දුරටත් වාර්තා වුණේ.
මෙම පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට අමතරව එම පවුලේ තවත් ඥාතීන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුනු අතර ඔවුන් ඇප මත මුදා හැරීමට මාතර අධිකරණය නියම කර තිබෙනවා.
හිරුගොසිප්