උපන්දින කේක් එකක් ගෙන බිරිඳ සප්‍රයිස් කරන්න ආ සැමියා සප්‍රයිස් වෙයි
අනියම් ඇසුරක් නිසා සැමියා සහ දරුවන් පමණක් නොව තම රැකියාවද අහිමි කරගත් කාන්තාවක පිළිබඳ පුවතක් වරකාපොලට ආසන්න ප්‍රදේශයකින් වාර්තා වෙනවා.
ඇය රාජ්‍ය ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකි.
දුර බැහැර ප්‍රදේශයක රාජකාරි කළ ඇය ආයතන පරිශ්‍රයේම පිහිටි නිල නිවසක පදිංචිව සිටියේය.
සති අන්තයේ පමණක් නිවසට එන ඇය සඳුදා උදෑසනම සේවා ස්ථානය වෙත යයි.
සැමියා ඔහුට ආඩපාලි නොකීවේ රාජ්‍ය සේවයේ තරම ඔහු දන්නා බැවිනි.
මේ අතරතුර බිරිදගේ උපන් දිනය එළැඹුණු අතර එදා ඉරිදාවක් විය.
දිනපතා දුරකථනයෙන් කතාකළත් තම බිරිදගේ උපන් දිනය ගැන සිහිපත් නොකළද ඔහුට එම දිනය හොඳට මතක තිබිණි.
“එයාට අමතක වෙලා ඇති” ඔහු සිතුවේය.
එදා නිවාඩු දිනයක් වූ නිසා දරුවන්ද සමඟ බිරිදගේ නිල නිවසට ගොස් ඇයට සුබ පතා ඇය පුදුමයට පත් කළ යුතු යැයි ඔහු සිතුවේය.
ඒ අනුව කේක්, හා තෑගිද රැගෙන සැමියා දරුවන් සමඟ ත්‍රිරෝද රියකින් දුරකතර ගෙවා බිරිදගේ සේවා ස්ථානයට පැමිණියේය.
ආයතනය වසා තිබිණු අතර නිල නිවස පිහිටියේ ඒ ආසන්නයේ බැවින් ඔහු හඬ නොනගාම එදෙසට හියේය.
කාමරයේ එක් ජනෙල් පියනක් පමණක් විවෘතව තිබිණු අතර බිරිද පුදුම කරන අදහසින් ඔහු ජනෙල් කවුලුවෙන් එබී බැලුවේය.
ඔහුට දෙවියන් බුදුන් සිහිවූයේ තම බිරිද වෙනත් පිරිමියෙකු සමඟ සයනයේ සිටිනු දැකීමෙනි.
ඔහුට යකා ඇවිස්සිණු අතර ඉදිරිපස දොර කඩා නිවස තුළට පිවිස අහුවන අහුවන දෙයින් දෙදෙනාට දමා ගැසුවේය.
අනියම් සැමියා අඩ නිරුවතින්ම නිවසින් පැන දිවහිය අතර බිරිද කාමරයක සැඟවිණි.
විධායක නිලධාරිණියගේ විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් පසු ඇය සේවයෙන් පහ කෙරිණි.
හිරුගොසිප්