සමහරුන්ට ලැබෙන දඩුවම් මේ ආත්මෙ ගෙවල ඉවර කරන්න බැරිවෙයි
ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දඹුල්ල ජන රැළියේදී පෙරේදා පැවසීය.
නැවත කිසි දිනක ගොවීන්ගේ බව භෝග තුට්ටු දෙකට විකුණන්න ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.
ලෝකයේ නිරන්තරයෙන් සිදු වන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට හැකි රාජ්‍යයක් බවට ලංකාව පත් කරන බවද ජනාධිපති පැවසීය.පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය පැවැත්විණි.
(අංජුල මහික වීරරත්න )
ලංකාදීප