ෆුල්ෆේස් දානවද – අත් අඩංගුවට ගැනීමට සිදුවෙනවා
සම්පූර්ණ මුහුණු ආවරණය සහිත හිස්වැසුම් පැළඳ සිටින හෝ සැක සහිත ලෙස හැසිරෙන ඕනෑම අයෙකු පරීක්ෂා කිරීමට පූර්ණ බලය ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර තිබෙනවා.
එවැන් පුද්ගලයින්ගෙන් තම අනන්‍යතාවය හෙළි කරන ලෙස පොලිසිය ඉල්ලා සිටින අතර එසේ නොකළහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවටත් පොලිසිය දැනුම් දෙනවා.
සම්පූර්ණ මුහුණු ආවරණය සහිත හිස්වැසුම් පැළඳ සිටින පුද්ගලයන් විසින් විවිධ අපරාධ පසුගිය දිනවල සිදු කර තිබුනා.
ඒවැනි පසුබිමක පොලිසිය මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් කර සිටියේ.
උපුටාගැනීම: ගගන