ලොවම කලඹවමින් කඩා වැටුනු ගුවන් යානයේ කලු පෙට්ටියේ දත්ත එලියට
පුද්ගලයන් 260 දෙනෙකුට මරු කැඳවමින් අනතුරට පත්වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ පටිගත කිරීමේ දත්ත විමර්ශකයින් බාගත කර ඇති බව, ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
ලන්ඩන් බලා පිටත්ව ගිය බෝයිං 787 ඩී්‍රම්ලයිනර් යානය ජුනි 12 වැනි දින ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළින් ගුවන්ගත වී මිනිත්තු කිහිපයකින් කඩා වැටී විනාශ වුණා.
ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ අමෙරිකාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සමග ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය ප්රමුඛ කණ්ඩායමක් එක්ව යානයේ ඉදිරිපස රෙකෝඩරයේ දත්ත වෙත ප්‍රවේශ වූ බවයි.
මෙම ප්රයත්නය මගින් අනතුරට තුඩුදෙන සිදුවීම් අනුපිළිවෙළ ප්‍රතිනිර්මාණය කිරීම සහ ගුවන් ආරක්ෂාව වැඩි කිරීමට සහ අනාගත සිදුවීම් වළක්වා ගැනීමට දායක වන සාධක හඳුනාගැනීම අරමුණු කරන බවයි ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ.
