අන්කල් බිව්වනම් පාඩුවෙ ඉන්නවා – බස් එකේ උන දේ
වේලාව සවස හතහමාර විතර ඇති.. ගාල්ලේ සිට මාතර බලා දිවෙන එම බසය මගීන්ගෙන් පිරී තිබුණේ සුපුරුදු ලෙසමයි..
බසයේ පසුපස අසුනේ දකුණු පස කොනේ තරුණ පෙම්වතුන් යුවළක් තුරුලූවී පෙම් බස් දොඩමින් සිටියා… බසයේ මැද හරියේ සිටි මැදිවියේ මගියෙක්.. ඔහු ඒ මොහොතේ අධික ලෙස බීමත්ව සිටියා..
කෙනෙක් නැගිට ඔහුට අසුනක් දුන්නට ඔහු එය ප්රතික්ෂේප කළා.. ඔහු එක්වරම පිටුපස අසුනේ සිටි තරුණ පෙම් යුවළ දුටුවා… ඔවුන් දෙස පරික්ෂාවෙන් බැලූ හෙතෙම මගීන් අතරින් රිංගා ඔවුන් වෙත ළංවෙද්දී තරුණිය බිමට නැඹුරු වෙමින් සිය මුහුණ සඟවා ගැනීමට තැත් කළා… එහෙත් ඇගේ උත්සාහය අසාර්ථක වූ වුණා… “ඔළුව උස්සපන් ජයංගනී” ඔහු උස් හඬින් කියද්දී, ඇය තම මුහුණ තව තවත් සඟවා ගැනීමට තැත් කළා..
“උඹ පංති යනවා කිය කියා යන්නෙ ඕකටයි එහෙනම්. යමංකො අද ගෙදර මම උඹේ මහ මිනිහට කියල කරවන්නන් හොඳ සාත්තුවක්” බීමත් පුද්ගලයා හඬින් කියවන්නට වුණා… “අංකල් තමුසෙ බිව්වා නම් පාඩුවේ ඉන්නවා” ඉවසා දරාගත නොහැකි තැන ඇගේ පෙම්වතා උස් හඬින් කීවා… “මොකක්ද බොල කිව්වේ? කියමින් කෝපයට පත් බීමත් පුද්ගලයා අඩියක් දෙකක් පෙරට ආවා..
බසයේ සිටි මගීහු ඔහු වළක්වා ගත්තා.. බසය බස් නැවතුම්පොළේ නතර කළ විට තරුණිය ලජ්ජාවෙන් බිම බලාගෙන කඩිනමින් බසයෙන් බැස යන්නට ගියා… බීමත් ඔහු පසුව වැනි වැනී ඇය පසුපසින් යන්නට වුණා..
උපුටාගැනීම: හිරුගොසිප්
