බූස්ස බන්දනාගාරෙට අහසෙන් වැටුන පාර්සලේ තිබ්බ දේ
කතාව ඇහෙන්නේ බූස්ස බන්ධනාගාරයෙන්.
බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය තුළට පෙරේදා සවස විසිකර තිබූ පාර්සලයක තිබී ජංගම දුරකථන 08ක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
බන්ධනාගාරයේ ආරක්ෂාවට මුර අට්ටාලයේ රාජකාරි කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියා බන්ධනාගාරයේ විශේෂ රැඳවියන් රඳවා තිබෙන අංශය දෙසට තාප්පය උඩින් යම් කළුපාට පාර්සලයක් වැටෙන අයුරු දැක තිබෙනවා.
පසුව එම නිලධාරියා බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කර සිදුකළ සෝදිසි මෙහෙයුමේදී ජංගම දුරකථන 08 සහිත පාර්සලය හමුවී ඇත.
අදාළ ජංගම දුරකථන ඉදිරි විමර්ශන සඳහා රත්ගම පොලිසියට භාර දීමට කටයුතු කර ඇති අතර බන්ධනාගාරය මගින් ද විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසනවා.
උපුටාගැනීම: හිරුගොසිප්
