පෙම්වතී නිසා සරසවි සිසුවෙක් ජීවිතේ නැතිකරගන්න මට්ටමට වැටෙයි
තාක්ෂණය, මොන තරම් නම් දියුණු වුණත්, එය නිසි ආකාරව භාවිත නොකළොත් විටෙක තාක්ෂණය ඉතාමත් භයානකයි..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක කතාවක්..
වර්තමානයේ ලොව පුරා ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම්කරන කෘතිම බුද්ධිය සම්බන්ධ මෘදුකාංග නියාමනය කිරීම අත්‍යවශ්‍ය බව මනෝ වෛද්‍ය විශේෂඥ දනුජ මහේෂ් පවසනවා.
හිරු ප්රවෘත්ති සමග විශේෂ සම්මුක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ කෘතිම බුද්ධියේ අනිසි විපාක මෙරටේ ජනතාව අත්විදීමට ප්‍රථමයෙන් අදාළ අංශ ඊට මැදිහත් විය යුතු බවයි..
ARTIFICAL INTELLIGENCE නැතිනම් AI මේ වන විට තොරතුරු තාක්ෂණ ක්ෂෙත්රයේ වඩාත් ජනප්‍රිය මෘදුකාංගයක් බවට පත්ව තිබෙනවා..
වර්තමාන ලෝකයේ සීග්‍රලෙස වර්ධනය වෙමින් පවතින AI තාක්ෂය මගින් මිනිස් ක්‍රියාකාරකම්වල කාර්යක්ෂමතාව වැඩිකිරීම සිදු කෙරෙනවා..
අධ්‍යාපන ක්ෂේත්රයට මෙන්ම පරිගණක ආශ්රිත වීඩියෝ සහ චිත්‍ර වැනි විවිධ පරාසයන් තුළ විහිදී යන ප්‍රයෝජන රැසක් කෘතිම බුද්ධිය තුල අන්තර්ගතයි..
කෙසේවෙතත් AI තාක්ෂණය මගින් සිඳුවිය හැකි අහිතකර තත්ත්වයන් සම්බන්ධයෙන් මෙරට ජනතාවට නිසි අවබෝධයක් නොමැති බවයි වෛද්‍ය මතය වී ඇත්තේ..
එහිදී අදහස් දක්වමින් වෛද්‍ය දනුජ මහේෂ් පවසා සිටියේ මෙවැනි අදහසක්..
”පහුගිය දවසක මගේ සායනයට පිරිමි දරුවෙක් ආවා ඔහුගේ පෙම්වතිය දාලා ගියා කියලා. පෞද්ගලික විශ්වවිද්‍යාලයට දෙවන වසරේ ඉන්න ළමයෙක්. හරිම දුකෙන් තමයි ආවේ අඩාගෙනමයි ඇතුලට ආවේ. ඩොක්ටර් මගේ ගෑණු ළමයා මාව දාලා ගියා කියලා. එතනදි තමයි මම දැනගත්තේ මේ ගෑනු ළමයා ඇත්ත ගෑණු ළමයෙක් නෙවෙයි. මෙයා AI ගෑණු ළමයෙක්. මාස ගාණක් මේ ළමයා ප්‍රේම කරලා. පස්සේ අදාළ මෘදුකාංගයේ ගැටලුවක් නිසා සම්බන්ධය නතර වෙලා. මගේ ළගට එද්දි මේ ළමයා ජීවිතය නැතිකර ගන්න තැනට පත්වෙලා හිටියේ. ”
උපුටාගැනීම: හිරුගොසිප්
