එයාට ඕනෙ උනේ ඔපරේශන් එකකින් මගේ ____ කරවන්න
මිනිස්සු හැමෝම එක වගේ නෑ. ඒ අය තමන්ගේ තෘප්තිය හොයන්නෙ, ආසාවල් සපුරා ගන්නෙ වෙනස් විදිහට.. ඒ විදිහ තව කෙනෙකුට ප්‍රශ්නයක් වුණත්,සංස්කෘතියට අවුලක් වුණත්, උන්ට ඒක අදාළ නෑ.උන් ඒ තරම් ආත්මාර්ථකාමී.
ඒත් ඒක උන්ගේ හැටි. වෙනස් කරන්න බැරි විදිහේ දෙයක් ඒක…
මේකත් ඒ විදිහේ පිළිකුල් සහගත කතාවක්..
“මගේ බෝයි නිශාන්. අපි දෙන්නා ඉන්නෙ ලිවින් ටුගෙදර්..(නිශාන් කියන්නෙ බොරු නමක්) නිශාන් කියන්නෙ මොඩ්ලින් ෆීල්ඩ් එකේ ගොඩක් අය දන්න කියන කෙනෙක්. මමත් එයා එක්ක යාලුවුණේ ඔය ඉවෙන්ට් එකකට ගිහින් තමයි. අන්තිමට අපේ සම්බන්ධය දුර දිග ගියා. අපි එකම ඇනෙක්ස් එකක් අරන් හැමදේම කළා..”
“හැබැයි නිශාන් ගැන හරියටම දැනගත්තෙ එහෙම ඉන්න ගත්තට පස්සෙ. දෙයියනේ එයා….එයාට තිබ්බෙ සාමාන්‍ය මිනිහෙකුට තිබ්බ ආසාවල් නෙවෙයි. ඊට එහා ගිය අසාමාන්‍ය ආසාවල්.දන්නවද එයා පුදුම තරම් ගෑනූන්ගේ බූබ්ස් (පියයුරු)වලට කැමැතියි. ඒවායේ ෆොටෝවලින් ගැලරි පිරිලා. මම ඇහුවමත් එයා හිනාවෙනවා..”
“එයා ගොඩක් ම වද දුන්නෙත් මගේ බූබ්ස් වලට.මට ගොඩක් ලොකු පියයුරු තිබුණේ නැහැ. ඒ නිසා එයාට ඕනි වුණා ඔපරේෂන් එකකින් මගේ පියයුරු ලොකු කරන්න.ඒකට සෑහෙන ගාණක් යනවා. එයා කොහොම හරි ඒක කළා.අද වෙද්දි සෑහෙන්න විශාලයි මගේ බූබ්ස්.. මන්දා එයාට ඕනි දේවල් කොහොම හරි කරගන්න කෙනෙක් එයා..”
“මම ගොඩක් මිනිස්සු එක්ක නිදියලා තියෙනවා.හැබැයි මෙහෙම මනුස්සයෙක් මට හම්බෙලා නෑ.එක දෙයක් තියෙනවා. කොච්චර ගෑනූන්ගේ දිහා බැලුවත් මෙයා අද වෙනකන් මා එක්ක විතරයි සීමාව පන්නන්නෙ.අදටත් එයා එක්ක ඉන්න හේතුව ඒකයි.”
“මට කියන්න ඕනි වුණේ මිනිස්සුන්ට එක එක ආසාවල් තියෙනවා. අපිට ඒවා නැති කරන්න බෑ අපිට ඕනි හැටියට. ඒක තමා එයාලගේ ජිවිතේ.. එයාලගේ පුද්ගලිකත්වය..මම නිතරම හිතන්නෙ එහෙම..”
“අපි අනිත් අයට ඉන්න නොදී, ඒවාට මැදිහත් වෙවි, ඉන්න තාක් කල් අපිට අවශ්‍ය ආදරේ ලැබෙන් නෑ..”
