නිරු වතින් පාපැදියේ ගිය පුද්ගලයෙකු නිසා කඳානේ වුන සෙල්ලම
මේ කියන්න යන්නේ මේ වෙද්දී සමාජමාධ්‍යයේ සැරි සරන තවත් වීඩියෝවක් ගැන ඇසෙන කතාවක්..
නිරුවතින් කඳාන නගර මධ්‍යයේ පාපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා..
අදාළ පුද්ගලයා එලෙස ගමන්ගන්නා ආකාරය මෝටර් රථයක සවිකර තිබූ කැමරාවකද සටහන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ..
එමෙන්ම, අදාළ වීඩියෝ පටය මේ වන විට සමාජ මාධ්‍යයේද සංසරණය වනවා..
පොලිසිය සඳහන් කළේ, මෙම පුද්ගලයා කඳාන දුම්රියපොල පාරේ නිරුවතින් පාපැදියෙන් ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි..
මීට පෙරද මෙවැනිම සිදුවීමක් වාර්තා වූ අතර තරුණයෙකු එහිදී කොළඹ සිට නිරුවතින් යතුරු පැදියකින් ගමන් කර තිබුණා..
කෙසේ වෙතත්, පසුව ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කඩුගන්නාව ප්රදේශයේදීයි..
උපුටාගැනීම: හිරුගොසිප්
