බියුටි ක්රීම් ගාපු 60 මනාලිය සමග විවාහ වූ 65 මනාලයාට හනිමුන් එපාවෙයි
සිරුරේ උපන් පැහැය වෙනස් කරගෙන පැහැපත් කාන්තාවක් ලෙස උජාරුවෙන් සිටි, වයස අවුරුදු 60 ට ආසන්න කාන්තාවකට ඇයගේ “දෙවැනි විවාහය” සිදු වුණු පළමු දිනයේම අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වීමෙන්, පොළොව පලාගෙන යන්නට තරම් ඇතිවුණු ලැජ්ජාවෙන් කල් ගෙවන පුවතක් රජරට පළාතේ කැබිතිගොල්ලෑවට නුදුරු ගමකින් අසන්නට ලැබුණි.
උපතින්ම කළු පැහැති සමකට උරුමකම් කියපු ඇය, පළමු විවාහයෙන් වෙන් වී තනිවම නිවසක වාසය කළාය. ජැන්ඩියට හැඳ පැලඳගෙන, හිසකෙස් කළු කරගෙන, විසිතුරු ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටීමට, ඇය නිතර ප්රිය කළාය. මෑතක සිට ඇයගේ ” උපන් කළුව ” කෙමෙන් කෙමෙන් පහව ගොස්, එය සුදුපැහැති පියකරු සමකට පරිවර්තනය වී තිබීම ගම් පළාතේ කාගේත් විමතියට හේතු වුවද, එය වෙළඳ පොළේ කිසියම් ආලේපනයක ප්රතිඵලයක් බව තතු දත්තෝ දැන සිටියහ.
මේ අල්ල පනල්ලේ, සිල්ලර වෙළෙඳ සලක් හිමි කැබිතිගොල්ලෑව නගරයට තරමක දුර ගමක සිටි වයස අවුරුදු 65 ක අවිවාහක මුදලාලි කෙනෙකුට මේ ” සර්ව පිත්තල ” පැහැපත් තනිකඩ නෝනා පිළිබඳ කපුවෙක් ඔහුට ‘ මඟුල් ඔත්තුවක් ” දී තිබුණි.
මෙම මුදලාලි පැහැපත් සිරුරක් හිමි කාන්තාවන්ට බෙහෙවින් ඇලුම් කළ තැනැත්තෙකි. එහෙත් ඔහු මෝස්තර, විලාසිතා කරමින් හැඩ වැඩ වෙන ගැහැනුන්ට තරයේම අකමැතිය. ඉතා චාම්ව දිවි ගෙවූ නිහඬ පුද්ගලයකු වූ මෙම මුදලාලි, නිහඬ පුද්ගලයෙකු වුවද, දැඩි ලෙස කෝපයට පත් වෙන අයකු බව, මුළු ගම්පළාතම දැන සිටියේය.
ඉතා සතුටින් තදින් “හැට පහේ මුදළාලි” තමාගේ සැහැසක් “හැටේ. මනමාලිය” නම් නිවසට කැඳවාගෙන ගොස් මෙතෙක් කල් තිබූ තමාගේ “තනි යහන” එදිහ සිට “යුගල යහනත් බුද්ධව අත්කර ගැනීමට නොඉවසිල්ලෙන් කාමරයට විය.
කාන්තාව ස්නානය කර පැමිණ, රාත්රී ඇඳුමකින් සැරසී, මුදලාලි ඉදිරියට ඉඟි බිති පාමින් පැමිණියාය. මහත් ආශාවෙන් ඇයගේ සිරුර දෙස බැලූ මුදලාලිට ” දෙයියෝ සාක්කි යැයි ඉබේටම කියැවිණි. මනමාලිගේ මුහුණ, බෙල්ල සහ වැලමිටෙන් පහළ අත්දෙක පමණක් තනි සුදු පාථින් දිලිසුනු අතර, ශරීරයේ ඉතිරි කොටස් කළු දොදොල් පාටට ඔහුට පෙනුණි.
මුදලාලිට යකා ආවේශ විය. ”අර හොර කපුවා මාව කෑවා, යකෝ මේකා මට ජෝඩු කෙරුවේ දෙමුහුන් එළදෙනක්නේ යැයි ගෝරනාඩු තබමින් මනමාලිට දෙස් දෙවොල් තබන්නට විය.
මොහොතකින් පැහැපත් මනමාලිය රැගෙන ආ ඇයගේ රෙදිපිළි මිදුලට කාමරයේ සිට උඩින් විසි වී එනු පෙනුණි. කලබලයෙන් එළියට පැමිණි කාන්තාව විගසින් ත්රී වීල් රථයක් ගෙත්වාගෙන ඇයගේ ගම් පළාත බලා නොපෙනී ගියාය.
මේ සිද්ධිය අවට ගම්වලට ද පැතිර ගියේය. මනමාලියගේ ගමේ අයත්, මුදලාලිගේ ගමේ අයත්, ඔවුන් හමු වන විට “සුදු ඇඳගෙන කළු ඇවිදින් හිටියලු නේද? ” යැයි අසන විට තැන නොතැන නොබලා “ වැදූ මව” මුලට දමා අමු තිත්ත සරුප වචනයෙන් අමතනවාලු.
උපුටාගැනීම: හිරුගොසිප්