තනිකඩ කතට උම්මා දෙන්න ගොස් සරම කඩාගත් අනංගයා ට වැඩ වරදී
නිවෙසේ තනියෙන් සිටි කාන්තාවක බදාගත් තැනැත්තකුට සුරතල් බල්ලා පාඩමක් ඉගැන්වීමේ සිද්ධියක් ගැන අපුරු කතාවක් තමයි මේ කියන්න හදන්නේ…
සිද්ධිය මෙන්න මෙහෙමලු උනේ…
දිනය 1 වැනිදා. ඔහු මෙම සිද්ධියට මුහුණ දුන් කාන්තාවගේ නිවෙසේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි නිවෙසක සිටි අයෙක්. දහවල් 11.00ට පමණ මෙම කාන්තාවගේ නිවෙසට පැමිණ ඔහුගේ පාපැදිය කඩුල්ල අසල නවතා තබා කාන්තාවට කතා කරලා..
ගෙතුල සිටි කාන්තාව ඉදිරිපස ආලින්දයට එනු දුටු අසල්වැසියා, බීමට වතුර වීදුරුවක් ඉල්ලා සිටියේ, තමන් වී වේළමින් සිටියදී දිව ගිලෙන්නට තරම් අධික පිපාසයක් ඇති වූ බව පවසමින්.
සිත් ගන්නා පෙනුමක් ඇති මෙම කාන්තාව එසැණින් ගෙතුළට යද්දී දිය ඉල්ලූ පුද්ගලයා ද ඇය පසුපසින් කුස්සියට ගියා.
එහිදී කාන්තාව දුන් වතුර වීදුරුව බී, එක් වරම ඔහු ඇය බදාගෙන සිප ගන්නට තැත්කළේ කතට කිසිත් සිතාගත නොහැකිව තක්බීර් වෙද්දී.
ක්ෂණයකින් ඇය ඔහුගෙන් ගැලවීමට කෑගසමින් පොරබදන්නට වූවා. මෙම කෑගැසීමත් සමග පොර බැදීම දුටු එම නිවෙසේ සිටි සුරතල් බල්ලා ස්වාමි දුවට මෙම මිනිසා අකටයුත්තක් කරන්නට යන බව ඉවෙන් මෙන් දැන එතැනට කඩා පැන ඔහුගේ සරමෙන් ඇද එය බිම දැමුවා.
බිම වැටුණ සරම එක් අතකින් අහුලාගත් ඔහු, අනිත් අතින් කාන්තාව මෙල්ල කර ගැනීමට ප්රයත්න දැරුවා.
අවසානයේ කාන්තාවගේ කෑමොර ගැසීමත්, බල්ලාගෙන් බේරීමට නොහැකිකමත් හේතුවෙන්, ඔහු සරම රැගෙන එම නිවෙසෙන් එළියට පැන ගියේ විදුලි වේගයෙන්.
කාන්තාව මේ සම්බන්ධව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සුළු කාලයක් ඇතුළත සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කළා.
ඔහුට නිසි දඬුවම් හිමි වුණා…
උපුටාගැනීමක් …