සැමියා සහ බිරිද එක්ව බිරිදගේ හොදම යාලුවාට දුන්නු අමුතුම ගේම
දවස්වල ඇහෙන්නේ ඉස්සරට වඩා අමුතු අමුතු කතා කිව්වොත් හරියටම හරි…
කවුද හිතන්නේ විවාහ වුණ කෙනෙක් අතින් මේ වගේ වරදක් වේවි කියලා….
මේ කියන්න යන්නේ විවාහක යුවලක් එකතු වෙලා බිරිඳගේ හොඳම මිතුරියට කළ දෙයක් ගැන…. ඒ දෙන්නම එකතු වෙලා මෙ වගේ දෙයක් කළේ ඒ දෙන්නා ඇත්තටම ගොඩක් මතට ලොල් වූ නිසාමද කියලත් වෙලාවකට හිතෙනවා…
හැමදාම වගේ මත්පැන් පානය ඔවුන් පුරුදු වෙලා සිටියා.. ඒ අතර එක්වීමට ඔවුන් සේම ඔවුන්ගේ මිතුරු මිතුරියන්ද ඇතුළත් වුණා..
සිය බිරිඳගේද අනුදැනුම ඇතිව ඒ මිතුරුකැලේ සිටි එක් තරුණියක් සමඟ හාද වූ මේ සැමියා ඇය සමඟ අනියම් ඇසුරක් පටන්ගෙන තිබුණේ එය තම බිරිඳටද හොර රහසේම සිදුවන බව එම මිතුරියට හඟවමින්.. අතමිට යහමින් මුදල් ගැවසුණු ඇගෙන් විවිධ අවශ්‍යතා සඳහා විටින් විට මුදල් ලබාගත් ඔහු හිතේ හැටියට ඇගේ මුදල් සූරා කෑ අවස්ථාද අනන්තයි..
කොහොම වුණත් මේ දෙදෙනා කළ ඒ බොරුව එක් තැනකදී හෙළිවෙනවා.. ඒ තවත් මත්පැන් සාදයකදීමයි..
එවිට ඔවුන් පැවසූ දෙයින් පුදුමයට පත් වූ මිතුරිය තමන් රැවටී ඇති බවත්, මේ යුවල තමන්ගේ මුදල් සූරා කෑ බවත් සියල්ල දැනගැනීමෙන් පසු ඒ දෙන්නා ගැන පොලීසියට පැමිණිලි කර තිබෙනවා.. සැමියා හා බිරිද එක්කව කළ මේ සෙල්ලමට පසුව ඔවුන් දෙදෙනාටම නීතියෙන් දඬුවම් විදින්නත් සිද්ධවෙලාලු..
උපුටාගැනීම: හිරුගොසිප්