බිරිඳ මාලු තෝරනකම් හමුවුන සුන්දරී එක්ක ලැගුම්හලට ගිය සැමියාට දෙලොව රත්වෙයි
කාමරයේ ඇඳමත රුපියල් 44000 ක් වටිනා රන් දම්වැල තබා නාන කාමරයට ගිය අවස්ථාවේ තමා සමග කාමරයේ සිටි කාන්තාව රන්මාලය ගෙන පැන ගොස් ඇති පුවතක් පුත්තලමෙන් වාර්තා වෙනවා.
තමන් තම බිරිය සමග මාළු වෙළෙඳසලට පැමිණ බිරියට මාළු වෙළෙඳසල ඇතුළට පිටත් කර යවා තමා මාළු වෙළෙඳ සැලට ඇතුල් වන ස්ථානයේ රැඳී සිටි බවත් එවෙලේ වයස අවුරුදු 35 ක පමණ කාන්තාවක් පැමිණ තමාගේ සැමියා නොමැති බවත් දරුවකු සිටින බවටත් ඔහුට පවසා තිබෙනවා.
ඉන් පසුව ඇය තමාගෙන් රුපියල් 1000 ක් ඉල්ලා කාමරයකට යෑමට කතා කළ බවත් තමා එයට කැමති වී ත්රිරෝද රථයකින් හලාවත හෝටලයකට පැමිණි බවද, එහි කාමරයක් කුලියට ගෙන ඇයත් සමග අඹුසැමියන් ලෙස හැසිරුණු බවද ඔහු පවසනවා.
ඉන් අනතුරුව තමාගේ ගෙල බැඳි රුපියල් 44000 ක් වටිනා රන් දම්වැල ගලවා කාමරයේ ඇඳ මත තබා නාන කාමරයට ගිය බවයි ඔහු සදහන් කරන්නේ.
නාන කාමරයේ සිට විනාඩි පහකින් පමණ කාමරයට පැමිණි බවද ඒ එන විට කාමරයේ සිටි කාන්තාව හා රන් දම්වැල නොතිබූ බවද තමා කාන්තාවගේ නම හෝ පදිංචි ස්ථානයක් නොදන්නා බවද ඔහු පවසා ඇති බව සදහන්.
උපුටාගැනීම: හිරුගොසිප්
