යාපනේ ලිදක් පිරිසිදු කරනකොට ලිදෙන් මතුවුනු ඇදහිය නොහැකි දේ
පිරිසිදු කරනකොට හමුවෙලා තියෙන දෙයක් ගැන කතාවක්.
යාපනය,කොඩිකාමම් ප්රදේශයේ ළිඳක් පිරිසිදු කිරීමේදී ළිඳ තුළ තිබි පතරොම් 1393ක් හමුවී තිබෙනවා.
වසර ගණනාවක් පවිත්ර නොකළ ළිඳක මඩ ඉවත් කිරීමේදී ළිඳ තුළ තිබි ඊයේ මෙලෙස පතරොම් සහිත බෑගයක් හමුව ඇති බවයි කොඩිකාමම් පොලීසිය පවසන්නේ.
අදාළ පතරොම් දිරාපත්ව පැවති අතර,යුද සමයේ කිසියම් පිරිසක් විසින් මෙම පතරොම් ළිඳට දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
උපුටාගැනීම: හිරුගොසිප්
