කසිප්පු බෝතලෙයි මූත්‍රා සාම්පලෙයි මාරු වෙලා වුන ඇබැද්දිය
බෝතල් මාරු වීමෙන් සිදු වූ අකරතැබ්බයක් හේතුවෙන් ලැජ්ජාවට පත් වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබෙනවා…
සිද්ධිය මෙහෙමයි…
ඔහු වයස පනහ පැන්න පුද්ගලයක්…
නිතර අමතක වීම් සිදුවන බැවින් ඔහුගේ බිරිය ඇතැම් බඩු කොළයක ලියා නැවත ඔහු කඩයට ගිය පසු දුරකතනයෙන් ද මතක් කර දෙනවා. එහෙත් ඔහුට ගත් බඩු පාර්සලය හෝ අමතක වෙනවා ..
කුඩයක් වැස්සකට ඉහළගෙන ගියහොත් වැස්ස පායපු පසු අමතක වෙනවා..
මේ පිළිබඳව නොදත් ගමේ පුද්ගලයකු ඔහුට මුත්‍රා බෝතලයක් ලබා දී ඇත්තේ ඔහු නගරයට රැකියාවට යන බැවින් පරීක්ෂා කර ආපසු එන විට රිපෝට් එක රැගෙන එන ලෙසයි.
ඔහු එලෙස වැඩ කර දෙනවට ගම්වැසියෝ ඔහුට සංතෝසමට මුදලක් ලබා දෙනවා ..
එදින ඔහුට තවත් පුද්ගලයකු කසිප්පු කාලක් ලබා දී ඇත්තේ හන්දියේ පුද්ගලයකුට ලබා දෙන ලෙසයි …
ඔහුට උදෑසනම කසිප්පු නොලැබුණහොත් ඇඟ වෙව්ලන හෙයින් උදේ දිනපතාම කසිප්පු කාලක් යවන එක සිරිතක් ..
පරීක්ෂා කිරීමට දුන් මුත්‍රා කාල දැමූ බෑගයටම කසිප්පු කාල දමා ගත් ඔහු ගමන් කර හන්දියේ සිටි පුද්ගලයාට කසිප්පු කාල වෙනුවෙන් අතට හසු වූ කාල කුප්පිය ලබා දී පිටව ගොස් තිබෙනවා .
මුත්‍රා ලබා දුන් පුද්ගලයා කාල කුප්පියක් ගෙන සබන් දා හෝදා එයට පිරෙන්න මුත්‍රා දමා දී ඇත්තේ පරීක්ෂණ සඳහා මුත්‍රා මදි වේවි යැයි සිතාය. කාල පානය කළ හංදියේ පුද්ගලයා කාල පානය කර පැණි රහ ගතියක් මිස කිසිදු වෙනසක් නොමැති තැන කසිප්පු කරුට බැන වදිමින් ඔහු සොයා ගොස් ඇත්තේ ඔහු පානය කර ඇත්තේ මුත්‍රා කාලක් බව නොදැනයි ….
මේ අතර හවස මුත්‍රා චෙක් කරන ස්ථානයට ගිය ඔහුට බැන වැදී ඇත්තේ මෙතන කසිප්පුවල ඇල්කොහොල් චෙක් කරන තැනක් නොවන බව පවසමින්.
ඒ ගැන සිතමින් ආපසු පැමිණෙමින් සිටි ඔහුට උදේ කසිප්පු කාල ලබා දුන් හංදියේ පුද්ගලයා ඔහුට බැන වැදී ඇත්තේ ‘පැණි රහක් මිස, කිසිම රහක් නැහැ.
තමුසේ කසිප්පු කාල බීලා මට සීනි වතුර දුන් බව පවසමිමන්.
කාරණය අවබෝධ වූ ඔහු මුත්‍රා ලබා දුන් ගෙදරින් බේරී ඇත්තේ ඔහුගේ මුත්‍රා සාම්පලය හංදියේ සිටි පුද්ගලයා උදේම පරීක්ෂා කර රිසාල්ට් එක ලෙස සීනි ඇති බවට තහවුරු කර ඇති බැවින් මුත්‍රා දුන් පුද්ගලයාට පවසා ඇත්තේ ඔහුට සීනි ඇති බව ලේ පරීක්ෂා කරන තැනින් ප්‍රකාශ කළ බවත් වෛද්‍යවරයකු හමුව ප්‍රතිකාර ගන්නා ලෙස අවවාද කරමිනි. ඔන්න ඔහොමලු වුණේ…
උපුටාගැනීමක් .