සෙව්වන්දි ඉන්න තැන පද්මෙගෙන් හෙලිවෙයිද
මේ රටම හොයපු ඉෂාරා සෙව්වන්දි ගැන ඇහෙන අලුත්ම කතාව…
ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමට විදේශගත පාතාල කල්ලි සාමාජිකයින් සමඟ පූර්ව සැළසුම් සකස් කර අධිකරණය මගහැර සැඟව සිටිනවා යැයි කියන ඉෂාරා සෙව්වන්දී සමග සම්බන්ධතා පැවැත්වූ තවත් පුද්ගලයකු අනාවරණය වී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.
අදාළ සිද්දිය පිළිබදව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වමින් එහි නිලධාරීන් මේ බව සදහන් කළා.
ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන්ට අමතරව හඳුනාගත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියෝග නිකුත් කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටියේ.
මෙම සැකකාර පුද්ගලයා සෙව්වන්දිගේ ජංගම දුරකථනයට නිරන්තරයෙන් ඇමතුම් ලබා දී ඇති බවත්,දුරකථන දත්ත වාර්තා ඔස්සේ සැකකරු හඳුනාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාල නියෝග නිකුත් කරන ලෙසත් ඔහුන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.
දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් තිදෙනෙකු හා කළ ප්රශ්න කිරීම් අතරතුරෙදි මෙම සැකකාර සිම්පත හා දුරකථන සබඳතා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බව සඳහන්.
උපුටා ගැනීම – ලංකාදීප
