හෝටලයේ සිටි සංචාරක යුවලගේ කෝටි ගානක ගමන් බෑග්ගයට අත්වුන ඉරණම
ඔවුන් ලංකාවට ආවේ නිදහසේ කාලය ගත කරන්න වුණත් අවසානයේ ඇයට සිදුවුණේ නොසිතූ කරදරයක පැටලෙන්නටයි.
ඇගේ අත්බෑගයේ මේ තරම් වටිනා දේවල් ඇති කියා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති. ඒත් එක්කම අවසානයේ සිද්ධවෙලා තියෙන්නේ හැම කෙනෙක්ම නොසිතන විදිහක දෙයක්.
උප්පුවේලි ප්රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතික කාන්තාවක් සතු රුපියල් 1,616,500.00ක් වටිනා රන් ආභරණ හා ඇමරිකානු ඩොලර් අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ඊයේ පරීක්ෂණයක් ආරම්භ කළ බව උප්පුවේලි පොලීසිය පවසනවා.
මෙම ඉන්දීය ජාතික කාන්තාව සිය ස්වාමි පුරුෂයා සමඟ නිවාඩුවක් ගත කිරීමට ලංකාවට පැමිණ ඉකුත් 24 වෙනිදා උප්පුවේලි පිහිටි මෙම සංචාරක හෝටලයේ නැවතී පසු දින මුහුදු වෙරළට ගොස් දිය නැමෙන් පැය කිහිපයකින් යළි කාමරයට පැමිණ බලද්දි කාමරයේ දමා ගිය අත් බැගයේ තිබූ මෙම රන් ආභරණ හා ඇමරිකානු ඩොලර් අතුරුදහන් වී ඇති බවට කළ පැමිණිල්ලේ සඳහන් වෙනවා.
මෙම අත් බැගයේ තිබූ මුදු දෙකක්, පෙන්ඩනයක් සහිත මාල දෙකක් හා සිල්වර් මුදු දෙකක් සමඟ ඇමරිකානු ඩොලර් 180ක් මෙසේ අතුරුදහන් වී ඇති බවට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් උප්පුවේලි පොලිසිය හා නිලාවේලි සංචාරක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනවා.
