අනියම් පුරුශයාට හදි කල අනියම් බිරිද සහ සොයුරු සොයුරියන්ට අත්වුන ඉරණම
මෙහෙම ජීවිතයක් උදුරාගන්න හේතු වුණේ තවත් එක් පවුල් ප්‍රශ්නයක්ද?
මේ ඇසෙන කතාව ඇත්තටම සියල්ලන්ටම අබිරහසක් ඉතුරු කළ කතාවක් වුණා.
දොඹගහවෙල මහඅරාව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 30 හැවිරිදි පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිඳ, ඇයගේ සහෝදරියන් දෙදෙනෙකු සහ එක් සහෝදරයෙකු පෙරේදා අත්අඩංගුවට ගත් බව දොඹගහවෙල පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් තිබුණේ සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව, රුප්පේබැද්ද පදිංචි ටී. එම්. නිහාල් රණවීර නමැති අයෙක්.
ඔහු වස පානය කර ඇති බව පවසා ඉකුත් 25 වැනිදා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා.
ඔහුගේ සිරුරේ හිසේ, ගෙලේ, මුහුණේ සහ පිටේ තැලීම් තුවාල තිබී ඇති බව රෝහල් වෛද්‍ය අධිකාරිවරයා විසින් දැනුම් දීමෙන් අනතුරුව සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත 28 වෙනිදා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ඒ.සී ලක්මාලි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා තිබුණා.
එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුට පහරදී ආයාසයකින් විෂ ද්‍රව්‍යයක් පොවා ඇති බවත්, අනතුරුව මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබුණා.
මියගිය අය ඔහුගේ අනියම් බිරිය බව කියන 32 හැවිරිදි කාන්තාව සමඟ දොඹගහවෙල මහඅරාව හන්දියේ ඇයගේ නැගණියගේ නිවසට මීට සති තුනකට ඉහතදී පැමිණ තිබූ බවට පොලිසිය පවසනවා.
එසේ පැමිණි මරණකරු එම ප්‍රදේශයේම පෙදරේරු රැකියාවට ගොස් තිබූ බව පොලිසිය සඳහන් කළා.
දිනක් තමා සමඟ බහින්බස්වී නිවසෙන් පිටව ගොස් ඇති මරණකරු බියර් සහ වස වර්ගයක් රැගෙන ආපසු පැමිණ වස පානය කළ බව කියමින් සැකකාරිය ඔහු සුවසැරිය ගිලන් රථයක් මඟින් රෝහල් ගතකර තිබූ බවට අනාවරණය විනැයි ද පොලීසිය පවසනවා.
මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෙම මරණය සැක සහිත බැවින් අධිකරණ නියෝගයක් මත පරීක්ෂණ පවත්වන ලෙස පොලීසියට දැනුම්දී තිබුණා.
ඒ අනුව, මෙම මරණයට සැකපිට මියගිය අයගේ අනියම් බිරිය වන දමන හිඟුරාන මළයාඩි පන්සල පාර පදිංචි 32 හැවිරිදි කාන්තාවක්, ඇයගේ සහෝදරියන් වන අම්බලන්තොට, තලලන්ද පදිංචි 29 හැවිරිදි කාන්තාවක්, දොඹගහවෙලා මහඅරාව පදිංචි ඩී 36 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ සහෝදරයා වන දොඹගහවෙල මහඅරාව කළුගලේවත්ත පදිංචි 25 හැවිරිදි තරුණයෙක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති ඩික්සන් කුමාර ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වනවා.
