පොලිසියත් හොල්මන් කල අහින්සක ටීචගේ පපුවේ තිබූ අමුතුම දේ
මේක දෙමව්පියන්ගේ ඇස් උඩ යවන, පාසල් ලෝකයම කැලඹූ කතාවක්!
අහිංසක, ලස්සන පෙර පාසල් ගුරුවරියක් කියලා කවුරුත් හිතාගෙන හිටිය 32 හැවිරිදි තරුණියක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඇය මාදම්පිටියෙදී රුපියල් කෝටි ගණනක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඊයේ (22) සවස අත්අඩංගුවට ගත්තා.
ගුරුවරියගේ ස්වාමිපුරුෂයා හොයාගෙන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මිහිජය සෙවණ මහල් නිවාසයට ගිය වෙලාවේ, සැමියා ගෙදර ඉඳලා නැහැ. ඉඳලා තියෙන්නේ ගුරුවරිය විතරයි.
පොලිස් නිලධාරීන්ට ඇය ගැන පුදුම සැකයක් ඇතිවෙලා. කාන්තා පොලිස් නිලධාරිනියන් යොදවලා පරීක්ෂා කරද්දී තමයි මේ බිහිසුණු රහස එළිවෙලා තියෙන්නේ.
ඇය ග්‍රෑම් 100ක මත්ද්‍රව්‍ය තොගයක් හංගලා තිබිලා තියෙන්නේ ඇගේ පපුව මත! පෙර පාසලේ ඉගැන්වීමට අමතරව මේ සුරූපී ගුරුවරිය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙලා කියලත් දැන් ආරංචියි.
ගුරුවරිය අත්අඩංගුවට ගත් වෙලාවේම ඇගේ සැමියාත් තවත් ලොකු මත්ද්‍රව්‍ය තොගයක් අරන් එන බවට පොලිසියට ආරංචි වුණා.
ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්. ඒ විතරක් නෙවෙයි! දැනට මියගොස් සිටින ‘කෙසෙල්වත්තේ දිනුක’ගේ ප්‍රබල ගෝලයෙක්.
නිවසට පැමිණි සැමියාව වහාම අත්අඩංගුවට අරගෙන පරික්ෂා කරද්දී, කිලෝග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 310ක මත්ද්‍රව්‍ය තොගයක් ඔහුගේ ගමන් මල්ලේ තිබිලා තියෙනවා.
මේ මත්ද්‍රව්‍ය තොගය ඔහුට ලැබිලා තියෙන්නේ විදේශීය රටක සිටින මහා පරිමාණ ජාවාරම්කරුවෙකුගෙන්!
දැන් මේ ගුරු බිරිඳව රක්ෂිත බන්ධනාගාර ගත කරලා. ‘කෙසෙල්වත්තේ දිනුකගේ’ ගෝලයා දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න පොලිසිය අවසර අරන්!
