ඉදිරියේදී රටට ආයෙත් මහ වැසි
මේ දවස්වල ඇහෙන අලුත්ම ආරංචිය තමයි, අපේ රටේ කාලගුණය ආයෙමත් වෙනස් වෙන්න යන එක. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතාගෙන් මේ ගැන විශේෂ අනාවැකියක් ලැබිලා තියෙනවා.
ලබන 09 වැනිදා ඉඳලා රටට වැහි වැටෙන්න පටන් ගන්නවාලු. ඊට හේතුව තමයි ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වීම. අතුල කරුණානායක මහතා කියන්නේ මේ නිසා උතුරු ,උතුරු මැද, වයඹ,නැගෙනහිර,ඌව පළාත්වල වැසි තත්ත්වය වැඩි වෙන්න පුළුවන් බවයි.
මේ අතරේ, බදුල්ල පැත්තේ අපේ වාර්තාකරු කියන විදියට, ඒ පළාතේ ප්‍රදේශ ගණනාවකට මේ වෙද්දිත් වැස්ස හොඳටම ඇදහැලෙමින් පවතිනවාලු. ලබන 09 වැනිදා ඉඳන් රටේ ලොකු කොටසකටම වැස්ස වැඩි වෙන්න පුළුවන් නිසා, ගමන බිමන යන අය සහ මේ පළාත්වල ඉන්න අය කල්පනාවෙන් ඉන්න එක හොඳයි.e
