නාවලම උඩු යටිකුරු කල 23නේ පෙම්වතීගේ 48 පෙම්වතාව නොඑන ගමන් යැවූ 20 පෙම්වතා
නාවල නගරය ආසන්න ස්ථානයකදී තියුණු ආයුධයකින් ඇණ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ඝාතනය කර පළා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඔහු අදළ පුද්ගලයා ඝාතනය කර ඔහු සමඟ සිටි තමන්ගේ පෙම්වතිය බව කියන 23 හැවිරිදි තරුණියකට ද තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර තිබුණා.
නාවල සේනානායක වීදිය ඔස්සේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් යතුරුපැදියකින් ලුහුබැඳ පැමිණි 20 හැවිරිදි තරුණයෙකු එය හරස්කොට නවතා එය පදවාගෙන ආ 48 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර තිබුණේ ඉකුත් බ්‍රහස්පතින්දා සවස් කාලයේදීයි.
මියගිය පුද්ගලයා සමඟ සිටි 23 හැවිරිදි තරුණියටද ඔහු පිහියකින් පහර දී තිබුණා.
සැකකරු සිද්ධියෙන් අනතුරුව සිය යතුරුපැදියෙන් පලා ගියත් පසුව ඔහු වැලිකඩ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී අනාවරණ වී ඇත්තේ ඔහු අතින් පිහි පාරට ලක් වූ 23 හැවිරිදි තරුණිය එම තරුණයාගේ පෙම්වතිය බවයි.
ඇය නාවල ප්‍රදේශයට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා පැමිණ රැකියාවකද නිරතවන අතරතුර එම ස්ථානයේම සේවය කරන 48 හැවිරිදි පුද්ගලයෙකු සමඟ ද සබඳතාවක් ගොඩනගාගෙන ඇති බවයි සැකකරු පොලිසියට පවසා ඇත්තේ.
මේ හේතුවෙන් සැකකරු අදාළ ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පැවසුවා.
සැකකරු කළුතර නෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඇගේ පෙම්වතිය බව කියන තරුණිය කළුතර, ඕමත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සිද්ධියෙන් මියගොස් සිටින්නේ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කෙරුණා.
