මම රැවටුනේ සල්ලි වලට
මිනිස්සු ආශාවන් පොදි ගහනවා. සැරින් සැරේ
ඒ ආශාවන් ලුහුබඳිනවා. රාගය සහ ආදරය පටලගන්න
මිනිස්සු අවසානයේ ලොකු ගින්නකට මැදිවෙනවා.
ඒ ගින්දරේම පිච්චිලා මැරිලා යනවා.
පිච්චෙන අතරෙත් තව ජීවිත පුච්චලා දානවා.
මේ කතාවත් ඒ විදිහේ කතාවක්.
අසීමිත ආශාවන් පොදි බැඳගෙන
ඒ ආශාවන් නිසාම ජීවිතේ නැති නාස්ති කරගත්ත
මිනිස්සු.. ගැහැනුන් ගැන…
ඔබට විශ්වාස නොකරන ඒත් ඇත්තම ඇත්ත කතාවක්..
“මගේ හස්බන්ව මම මැරි කළේ තාත්ති නිසා. මොකද
එයා තාත්තිගේ බිස්නස් පාට්නර් කෙනෙක්. අනික
උතුරන්න සල්ලි. මාත් රැවටුණේ සල්ලිවලට. මොකද
කෙල්ලො ආසයිනේ සල්ලි කොළ උඩ බුදියන්න.
ඒ කියන්නෙ උන්ට සැප පහසුකම් වුවමනයි.
කවුරු කොහොම කිව්වත් උන් ජීවිතේ විඳින්න ආසයි…”
“මට වුවමනා වුණෙත් ජීවිතේ විඳින්න. ඒ වෙනුවෙන්
තමයි මම එයාව බැන්ඳේ. ඒත් ජීවිතේ සල්ලි නෙවෙයි
කියලා දැනගත්තෙ එයාව බැන්ඳ දවසේ. මොකද
එයා සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි. එයාට තිබ්බෙ
ජරා ආසාවල්. විකෘති ආසාවල්. ඒ දේවල් දැනගද්දි
මම පරක්කුයි..”
“මට එයාගෙන් අයින් වෙන්න බැරිවුණා.
මොකද මම එයාව බැන්ඳේ ලොකුවට අඩ බෙර ගහලා.
ඉතින් මොනා කරන්නද බැන්ඳ බෙරේ ගහනවා ඇරෙන්න.
එයාට සාමාන්‍ය විදිහට ලිංගිකව එකතු වෙන්නත් බෑ.
එයා ගොඩක් බ්ලූ ෆිල්ම් වලට ඇබ්බැහි වුණු කෙනෙක්.
ඒවා පෙන්නලා ඒ විදිහට ම බලාපොරොත්තු වෙනවා..”
“හරියටම ශරීරයට වද දෙනවා. ඔහොම ගිහින් තමයි
දවසක් එයාට මම වෙන කෙනෙක් එක්ක ඉන්නවා
බලන්න ආසයි කිව්වේ. ඒ වෙද්දි මට ඇතිවෙලා හිටියත්,
කෑ ගහලා අඩන්න උවමනා වුණත් මට එයාගේ කීමට
කැමති වෙන්න වුණා. එහෙම නැතිවුණොත් එයා
මට දඬුවම් දෙන බව මම දැනන් හිටියා…”
“ඊටපස්සෙ තමයි එයාගේ යාලුවෙකුයි වයිෆුයි එක්කන් ආවේ.
අපි හැමෝම වයින් බිව්වා. මම දන්නවා මට වෙන්න යන දේ ගැන.
අර ගර්ල් මගේ හිත හැදුවා, මාව බදාගෙන.. ඊටපස්සෙ මම
මේකට මූණ දෙන්න හිත හදාගත්තා. අවසානයේ මම
උදේ නැඟිටිනකොට වෙන්න වුවමනා හැමදේම වෙලා..
මම පිරිමි දෙන්නෙක් අතින් ම අපිරිසිදු වෙලා..”
“මේක ලස්සන අත්දැකීමක් වෙන්නැති අනිත් අයට.
ඒත් මම මාර දුකකින් වේදනාවකින් හිටියේ. අන්තිමට
මේ දේවල් එන්න එන්න වැඩිවුණාම මම තීරණයක් ගත්තා..”
“එහෙම හිතලා තමයි මම ගෙයින් එළියට ආවේ.
හබී පිස්සුවෙන් වගේ මාව හෙව්වා. ඒත් මම නම්
ආයෙ යන්නෙ නෑ.. ඒක ස්ථිරයි..”
“මම දැන් කැනඩාවේ ඉන්නෙ. මෙහේ ඇවිත්
අවුරුදු තුනකට කිට්ටුයි. හස්බන්ගෙන් මම තාමත්
ඩිවෝස් වෙලා නෑ. එයා දැන් තව ගෑනියෙක් තියන්
ඉන්නවාලූ..”
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
