අපි දෙන්න ගොඩක් දේවල් කරා. අත්හදා බැලුවා.
මිනිස්සු ආදරේට පාට තෝරනවා.. ආදරේ ගැන
ගොඩක් දේවල් කියනවා. ඒ ආදරේ
සම්මතයන් අසම්මතයන් ගැන කතා කරනවා.
නියම් අනියම් සම්බන්ධකම් ගැන කතා කරනවා.
තවත් අය ඒවා සාධාරණීකරණය කරනවා.
සමහර සංස්කෘතික සාදාචාරත්මක
සීමාවන් නිසා ආදරේටත් සීමා වැටෙනවා.
ඒවා අවසානයේ ඛේදාන්ත වෙනවා.
මේ ආදර කතාවත් ඒ වගේ…
බිහිසුණු ඝනයේ එකක් නොවෙන මුත්
බිහිසුණු එකක්…
“මම සංජු.. එයා ශනාලි.. ශනාලි තනිකරම කොල්ලෙක්
වගේ හැසිරීම. එයාට ඒ වුණාට කොල්ලො දෙතුන් දෙනෙක්
එක්කම එෆෙයාස් තිබ්බා. ඒත් ඒවා ගොඩක් තාවකාලිකයි.
එයාගේ පිරිසිදුකම නැතිවෙලා තිබ්බෙ ස්කූල් යන
වයසෙදීමයි. මට එයාව හම්බෙන්නෙ ඒලෙවල් කාලේදී..”
“අපි දෙන්නා මාරම ෆිට්. දෙන්නම එකම සබ්ජෙට් කරන්නෙ.
ඒ නිසා ටියුෂන් එකෙත් එකට මුණ ගැහෙනවා.
පස්සෙ පස්සෙ අපි නොදැනුවත්වම අපිට අපි ආදරේ වුණා.
මුලින්ම මේ හැඟීම තේරුණේ නෑ. ඒත් මට දැණුනා
මට ශනාලිව නැතුවම බෑ වගේ දෙයක්..”
“ඒක හරියටම කිව්වොත් ඇබ්බැහි වුණා වගේ හැඟීමක්.
දවසක් එයාගේ ගෙදර ගියා මම. එතකොට අපි දෙවැනි පාර
ඒලෙවල් වලට ලෑස්ති වෙන කාලේ. එදා නම් අපි දෙන්නටම
අපේ හැඟීම් නතර කරගන්න බැරිවුණා. අපි දෙන්නම පාඩම්
වැඩ කර කර හිටියේ.
අක්කි පැටියෝ මං ඔයාට ආසයි කියලා එයා එකපාරම
මගේ බෙල්ල බදාගත්තා. පස්සෙ අපි ගොඩක් දේ කළා.
අත්හදා බැලුවා..”
“ශනා මට පුදුම විදිහට ආදරෙයි. මා එක්ක තරහා වෙලා
වතාවක් පෙති වගයක් බීලා හොස්පිට්ල් එහෙමත් හිටියා.
අපි දෙන්නම කෙල්ලො නිසා කවුරුත් සැක හිතුවේ නෑ..
ඒ නිසා හිතන හැටියට අපි හැසිරුණා.
හැබැයි අපේ වුන්ට තේරුණා හැසිරීමෙන්..”
“හැබැයි හැමදේම නොහිතපු විදිහට වුණේ. අපේ සම්බන්ධය
ගෙවල්වලින් දැනගත්තා. මට තමයි වැඩියෙන්ම වාරණය
වැටුණේ. ශනාගේ අම්මලා එයාව තේරුම් ගත්තා.
නමුත් මට බැරිවුණා මගේ අම්මලාව කැමති කරවගන්න.
අන්තිමට අම්මලා මාව නිවාස අඩස්සියේ තිබ්බා.
මට ගැහුවා බැන්නා. අන්තිමට මාව රට යවන්න ප්ලෑන්
කළා පුංචි ළඟට..”
“මේක ශනාලිට ආරංචි වුණා. පස්සෙ එයා අපේ ගෙදර
නොකියාම ඇවිත් ලොකු රංඩුවක් වුණා. අන්තිමට
එයා පිහියක් අරන් අනින්න ඇවිත් ඒක ඇණුනේ
අපේ අක්කිට.. ගොඩක් ලේ ගිහින් හොඳටම අමාරු වුණා එයාට.
ඒත් වාසනාවකට ජීවිතේ බේරුණා. අපේ තාත්තලා
පොලිසි ගියා. මටත් සාක්ෂි දෙන්න වුණා..
මේ දෙයින් පස්සෙ ශනාලි අද වෙනකන් මා එක්ක කතා
කරන්නෙ නෑ. නඩුව සමථයකට පත් වුණාට
එයාගේ හිත හුඟක් බිඳුණා මම එයා වෙනුවෙන් සටන්
කරපු නැති හින්දා. ඉස්සර හැමදාම මැසේජ් දාපු එයා
අද වෙනකන් මැසේජ් එකක් දාන්නෙ නෑ..”
“මට එයාව ගොඩක් මතක් වෙනවා ඉතින්. ඒත්
මම ගොඩක් අසරණයි.. මගේ තත්ත්වය දන්නෙ මම..”
“මම එයාට තාම ආදරෙයි..”
