සිසුන් දෙන්නෙක් රෝහල් යැවූ අපූරු පාසල් පෙම
මේ වයසට කරන කියන දේවල් මොනවාද කියලා කවුරුත් හරියටම කල් තියා දන්නේ නෑ නේ..
ඒත් එක්කම ප්‍රේම සම්බහ්ධයක් නිසා ගැටුම් ඇති වෙනවා කියන එකත් ගොඩක් වෙලාවට සාමාන්‍යයි කියලා කෙනෙක් කිව්වත් සුදු ඇඳුමට මේ දේවල් ගැලපෙන්නේ නෑ කියලා තවත් කෙනෙකුට කියන්න පුළුවන්…
ආදරයක් නිසා තමගේ සහෝදර පාසලක තවත් ශිෂ්‍යයෙක් එක්ක රණ්ඩු ඇති කරගන්නවා කියන්නේ ඇත්තටම ඒ ගැන ඔහුන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග ගන්න එක අත්‍යාවශ්‍ය දෙයක්..
මොකද මේ වගේ සිද්ධි තවත් සිසුන් ආදර්ශයට ගන්න පුළුවන් නිසා.. මේ සිද්ධිය වාර්තා වෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්…
ප්‍රේම සබඳතාවයක් නිසා ඇතිවුණ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම සිසුන් දෙදෙනා ගැටුම් ඇතිකරගෙන ඇති අතර අද දහවල් සිදුවූ මේ ගැටුමෙන මොවුන් දෙදෙනාම බදුල්ල රෝහලට ඇතුළත් කලේ, සිසුන් දෙදෙනාටම සිදුවූ තුවාල නිසායි..
හදිසි ප්‍රතිකාර ඒකකයකට ඇතුළත් කල මෙම සිසුන් දෙදෙනා පසුව සාමාන්‍ය වාට්ටු වෙත මාරු කර යවා තිබුණා…
මෙය ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ඇතිකරගත් ගැටුමක් වෙන අතර මේ ගැන වැඩිදුර විමර්ශන බදුල්ල පොලීසිය විසින් සිදු කරන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ…
