බියර් ටින් තුනක් අරන් කොල්ලො 3ක් එක්ක වීල් එකට නැග්ගා
දමිත් අසංකගේ ලස්සන සිංදුවක් තියෙනවා. ඒ සිංදුවේ තැනක මෙහෙම තියෙනවා, “කොළඹ රුදුරුයි ද මා දැක්කේ ඊයේ උදේ…” කියලා.
“කොළඹ රුදුරු” වෙන්නෙ කොළඹ දූලි නිසාවත්, පිටකොටුවේ මසල වඩේ, තෝසේ හින්දාවත් නෙවෙයි. ඊටත් වඩා කොළඹට ගොඩ බහින උනුන්ව බිලි බා ගන්න බලාගෙන ඉන්න “නපුරු රාක්සයෝ” නිය තුඩු උල් කරගෙන ඉන්නවා. ඇත්තටම ඒ හැත්ත තමයි කොළඹ අපවිත්ර කරන්නේ…
කොළඹ ටැක්සි ඩ්රැයිවර්ගේ දින පොත…
අද තව කොටසක්…
“මම නිතරම වගේ මුණගැහෙන කෙල්ලෙක් බොසා…
ඇත්තටම ඒකිට එච්චර වයසකුත් නෑ…
මං හිතන්නෙ ඉස්කෝලෙ යන වයසේ වෙන්නෝන.
මම ඉතින් විස්තර ඇහුවට ඒකි හරියට කියන් නෑ..
මාර දතක්.. සල්ලි උතුරන්න.. නැවතිලා ඉන්නෙත්
තව කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක.. හැබැයි
උන් ව නම් මම වැඩිය දැකලා නෑ…”
“එදා සෙනසුරාදා දවසක්.. මේකි බියර් ටින් තුනක් අරන්
බොරලැස්ගමුවෙන් නැග්ගා වීල් එකට..
මඟින් කොල්ලො තුන්දෙනෙකුත් නැග්ගා…
උන් තුන්දෙනා ටැක්සි එක ඇතුළේ ඉඹගන්නවා ඉවරයක් නෑ.
මට ඉතින් පේනවා සේරම. ඒත් උන්ට ලැජ්ජාවක් නෑ..
සෙක්ස් ගැනයි, කරන දේවල් ගැනයි ඕපන්ම කියවනවා.
මම ඉන්නවා ගාණක්වත් නෑ”
“පස්සෙ මහරගමත් පහුලො, මොකක් හරි පාරකට
හරවන්න කිව්වා. පස්සෙ මට 2000ක් දීලා කිව්වා
කලුවර තැනක නවත්තලා බහින්න කියලා…
පැය භාගෙකින් විතර එන්න කිව්වා.. මටත් ඉතින් මොකද
සල්ලි හම්බෙන එකනෙ. අනික ආපදාවකුත් නෑ.
ඉතින් මම පැය භාගයක් එළියේ ඇවිදලා කරලා ආවා..”
“මම එද්දිත් එතන තනිකර දුම් ගොඩක්.. උන් බීලා මදිවට
මම හිතන්නෙ තව තව මොනා හරිත් අරගෙන..
සිහි නැතිවෙන්නම ගහලා.. අන්තිමට මම ඒකිවයි
කොල්ලො දෙන්නවයි ඇරලුවා. හයර් එකෙන් මට
3000 ගාණක් විතර සෙට් වුණා හැබැයි..”
“පස්සෙ ඔය වැඩේ කිහිප විටක්ම වුණා. කතාබහින් තේරුණේ
උන් කාර් අස්සෙ අහවල් වැඩේ කරන්න හෙන ආසයිලූ.
ඒකලූ ඔහොම හැසිරෙන්නේ..
හැබැයි අර කෙල්ල වැඩිකල් බෝඩිමේ හිටියේ නෑ.
ඒකි ගැන කවුරුහරි ගෙදරට දැනුම්දීලා අරන් ගියා..
ඒකිට අවුරුදු 18ක් වුණා විතරයි කියලා පස්සෙ දැනගත්තේ..
පව් බොසා ඒ අම්මලා තාත්තලා.. එච්චරයි මට හිතුණේ..”
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
