සල්ලි වලට කෑදර පුතා පියාව බයකර දඩුවම් දී කල දැවැන්ත පාපය
සල්ලි වෙනුවෙන් ඕනෑම නරක වැඩක් කරන්න පෙළඹෙන සමාජයක, තමන්ගේ ලෙයින් උපන් පුතාම පියාට එරෙහිව මාරාන්තික තර්ජනයක් එල්ල කළ පුවතක් අද බද්දේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මේ සිදුවීම වාර්තා වන්නේ බද්දේගම, නයාපාමුල ප්‍රදේශයෙන්. පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉඩම් හිමි වැවිලිකාර ව්‍යාපාරිකයෙක්. සල්ලිවලට තියෙන කෑදරකම නිසාමද මන්දා, මේ පියාගේම පුත්‍රයා 08 දිනයේ නිවසට කඩා වැදී ඇති බවයි පොලිසිය පවසන්නේ.
නිවසේ සිටි පියාට අමානුෂික ලෙස පහරදුන් සැකකාර පුත්‍රයා, මරණ බිය පෙන්වා පියා සතුව තිබූ රුපියල් 699,000ක (ලක්ෂ 7කට ආසන්න) මුදලක් කොල්ලකා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, පියා පාවිච්චි කළ ජංගම දුරකතනයත් අරගෙනයි මේ පුත්‍රයා පලා ගොස් ඇත්තේ.
පහරකෑමට සහ මංකොල්ලයට ලක්වූ ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් බද්දේගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා.
කොල්ලකාගත් මුදල් සහ ජංගම දුරකතනයත් අරන් දැනට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති සැකකාර පුත්‍රයා සොයා බද්දේගම පොලිසිය මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
උපුටාගැනීම: හිරුගොසිප්
