පොලිසිය දඩ කොල පුරවන්න සූදානම්
මාස තුනක් තිස්සේ දීපු සහන කාලය අදින් ඉවරයි.
ඊයේ (27) සිට දිවයින පුරා ආසන පටි (Seat Belt) නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න පොලිසියට උපදෙස් ලැබිලා හමාරයි.
හයිවේ එකේ යනවා නම් පස්සේ අසුනේ අයටත් බෙල්ට් එක අනිවාර්යයි.
පොලිස් නිලධාරීන් අද සිට දඩ පත්‍රිකා පුරවන්න ලෑස්ති පිට ඉන්නේ.
අනතුරකින් ජීවිතේ බේරගන්න වගේම, අනවශ්‍ය දඩයකින් බේරෙන්නත් අද ඉඳන් සීට් බෙල්ට් එක අමතක කරන්න එපා..
