විවාහයට පෙර ලිං ගික සම්බන්දතා පැවැත්වුවාට පෙම් යුවලට ලැබුනු දඩුවම
මේ කියන්න යන්නේ පෙම්වතුන් දෙදෙනෙකුට ලැබුණු අමතක නොවෙන දඬුවමක් ගැන කතාවක්.
විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම සහ මත්පැන් පානය කිරීම යන චෝදනා මත කාන්තාවකට සහ ඇයගේ පෙම්වතාට ඉන්දුනීසියාවේ දැඩි ඉස්ලාමීය නීති ක්‍රියාත්මක වන අචේ ප්‍රදේශයේදී, ප්‍රසිද්ධියේ කස පහර 140 බැගින් ලබා දී තිබෙනවා.
මෙය පසුගිය වසර 25ක කාලය තුළ එම ප්‍රදේශයේ ලබා දුන් දරුණුතම දඬුවම්වලින් එකක් ලෙසයි සැලකෙන්නේ.
වේවැල් කසයකින් සිදු කළ මෙම අමානුෂික පහරදීම හමුවේ එම කාන්තාව දැඩි ලෙස හඬා වැලපෙද්දී සිහිසුන්ව ඇද වැටී ඇති බවයි එරට වාර්තා පැවසුවේ.
පහරදීමෙන් පසු සිහිසුන් වූ කාන්තාව රෝහල්ගත කර තිබුණා.
ඉන්දුනීසියාවේ ෂරියා නීතිය ක්‍රියාත්මක වන එකම ප්‍රදේශය වන්නේ අචේ කලාපයයි.
අචේ ප්‍රදේශයේ ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීම 2001 වසරේදී ආරම්භ වූවක්.
එතැන් සිට මෙතරම් දරුණු දඬුවමක් ලබාදුන් අවස්ථා ඉතා අල්පයි.
මෙම දඬුවම ලබා දී ඇත්තේ චෝදනා දෙකක් යටතේයි. එනම් විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම වෙනුවෙන් පහර 100ක් සහ තහනම් කර ඇති මත්පැන් පානය කිරීම වෙනුවෙන් පහර 40ක් වශයෙන්.
එදින මෙම ඉස්ලාමීය නීති පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ප්‍රසිද්ධ චතුරශ්‍රයට රැස් කර සිටි පුද්ගලයන් හය දෙනෙකුට දඬුවම් පමුණුවා තිබෙනවා.
එම පිරිස අතර ෂරියා පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ සහකාරිය ද සිටියා.
ඔවුන්ට එරෙහිව තිබූ චෝදනාව වූයේ පෞද්ගලික ස්ථානයක අනවශ්‍ය ලෙස සමීපව සිටීමයි.
ඔවුන් දෙදෙනාට දඬුවම් ලෙස කස පහර 23 බැගින් ලබා දී තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දැක්වූ රිසාල් නම් නිලධාරියා පැවසුවේ, “අප පොරොන්දු වූ පරිදි, අපගේම සාමාජිකයන්ට වුවද නීතියේ නිදහසක් ලබා නොදෙන බවත්, මෙවැනි ක්‍රියා මගින් තම ආයතනයේ නමට කැළලක්” වන බවයි.
අචේ ප්‍රදේශයේ සූදුවේ යෙදීම, යාඥාවන් මඟ හැරීම හෝ සමලිංගික සබඳතා පැවැත්වීම වැනි වැරදි සඳහා ද මෙලෙස ප්‍රසිද්ධියේ කස පහරදීම් සිදු කරනු ලබනවා.
පසුගිය වසරේදී ද පොදු වැසිකිළියක් තුළ වැළඳ ගනිමින් සහ සිප ගනිමින් සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුට කස පහර 76 බැගින් ලබා දුන් බව වාර්තා වුණා.
