මහපාරේ ගැටගසා අසරන වී සිටි බලු කුක්කාට සෙනෙහස පෑමෙන් අත්වුනු නොහිතූ වාසනාව
මනුෂ්‍යත්වය තවමත් ඉතිරි වෙලා තියෙනවා කියන්න මීට වඩා ලස්සන සාක්ෂියක් තවත් තියෙන්න පුළුවන්ද?
මේ කියන්න යන්නේ හදවත උණු කරන, ඒ වගේම හරිම අපූරු කතාවක්.
හයිද්‍රාබාද් නුවර මහ පාරක ඉතාම අසරණ විදියට ගැටගහලා දාලා හිටපු, මරණය පෙනි පෙනී හිටපු දවස් 45ක පුංචි බලු පැටියෙක්ව කරුණාවන්ත පිරිසක් බේරාගන්නවා. මේ පුංචි පැටියට ඔවුන් නම තියන්නේ “ඩාලි” (Dali) කියලා. අන්තිමේදී ඩාලිව හදාවඩා ගන්න ලැබෙන්නේ “ස්නේහාන්ෂු” සහ “හොයි” කියන කලාකරුවන් දෙපළට.
ඩාලිගේ ජීවිතය එතැන් සිට හාත්පසින්ම වෙනස් වුණා…
ඩාලි පොඩි කාලේ ඉඳන්ම තමන්ගේ අයිතිකරුවන් චිත්‍ර අඳින දිහා හරිම කුතුහලයෙන් බලාගෙන ඉන්න පුරුදු වෙලා හිටියා. ඩාලිගේ මේ උනන්දුව දැකපු අයිතිකරුවන් ඇය වෙනුවෙන්ම විශේෂ “මවුත් බ්‍රෂ්” (Mouth Brush) එකක් නිර්මාණය කරනවා. අද වෙනකොට ඩාලි කියන්නේ ලෝකයම දන්න දක්ෂ චිත්‍ර ශිල්පිනියක්! ඇය කටින් බ්‍රෂ් එක අල්ලගෙන හරිම අපූරු, වර්ණවත් “ඇබ්ස්ට්‍රැක්ට්” (Abstract) චිත්‍ර නිර්මාණය කරනවා.
ඩාලිගේ කතාව එතැනින් නතර වෙන්නේ නැහැ. ඇය අඳින මේ වටිනා චිත්‍ර විකුණලා ලැබෙන මුදල් යොදවන්නේ… අසරණ සතුන් බේරාගන්නා සංවිධානවලට උදව් කරන්න. සත්ව රෝහල්වලට අවශ්‍ය පහසුකම් සලසන්න.
එදා මරණය අභියස හිටපු ඩාලි, අද තවත් දහස් ගණනක් සතුන්ගේ ජීවිත බේරගන්න “බලාපොරොත්තුවේ සංකේතයක්” වෙලා ඉවරයි.
ආදරය සහ කරුණාව ලැබෙනවා නම් ඕනෑම ජීවියෙකුට මේ ලෝකය වෙනස් කරන්න පුළුවන් කියන්න ඩාලි තරම් තවත් හොඳ උදාහරණයක් තියෙනවාද? ඇත්තටම ඩාලි කියන්නේ ආදරයේ ආශ්චර්යයක්.
උපුටාගැනීම: හිරුගොසිප්
