බිරිද එක්ක කොටු පැන්න ගෝලයාට ව්යායාපාරිකයෙක් දුන් අමුතුම තීන්දුව
මේ කියන්න යන්නේ අපූරු සිදුවීමක් ගැන ඇසෙන කතාවක්.
තමන්ගේ බිරිඳ ගෝලයා එක්ක හාද වුණොත්, වෙන කෙනෙක් නම් මොනවා කරාවිද..?
ඔහු කුරුඳු කාර්මිකයෙක්. සහායට ගෝලයෙකුත් ඔහුට සිටියා. දෙන්නාම ගෙන් ගෙට ගොස් කර්මාන්තය කරගෙන ගියා. බොසා ගෝලයාට නියමිතව වැටුප් බේරුවා. එමෙන්ම ඔහුගේ අවශ්‍යතාවන් ද සොයා බැලුවා. ගෝලයා ද ඊට නොදෙවැනියි. බොසාගේ දියුණුවට ගෝලයා ද හවුල්. කාලය කෙමෙන් ගෙවී ගියා.
නිවස ළඟ වැඩ කරනවිට දෙන්නාටම දිවා ආහාරය ගෙන ඒමට ඔහුගේ නිවසට ගියේ ගෝලයායි. එසේ කෑම රැගෙන පැමිණීමට තමාගේ නිවසට ගිය ගෝලයාගේ පැමිණීම එන්න එන්නම ප්‍රමාද වුණා. ගෝලයාත් ඔහුගේ භාර්යාවත් අතර අනියම් සබදතාවක් පිළිබඳව කටකතාවක් පැතිර ගියේ ද ඔය අතරය. එය අසා බොසා නම් නොවේ කලබල වුණා. ඒ බැව් ඔහු නොදන්නා බව හැඟවූවා. භාර්යාවටත් ගෝලයාටත් වෙනසක් සිදු නොකළේ ය. ඒ සම්බන්ධයෙන් ඔහු හාවක්, හූවක්වත් නො කළා.
කාලයත් එක්කම තමාගේ භාර්යාවත් ගෝලයාත් අතර ඇති අනියම් සබඳතාව ඔහු අතට ම අල්ලා ගත්තා. දෙන්නාට ම නැහැයි කියන්න බැරි ආකාරයට ම බොසා වැඩේ මාට්ටුයි. ඔහු පොලීසියට ගියා. පොලිස් පොතේ විස්තරය ලියවුණා. ඒ අනුව පාර්ශ්ව තුන ම පොලීසියට කැඳවුණා. බොසා පොලීසියට දැනුම් දුන්නේ තමා සිය භාර්යාව ගෝලයාට බාරදීමට කැමති බවයි. ඒ දෙගොල්ල ම ඊට කැමැත්ත පළ කළා.
ගැටුමක් ඇති නොවූවත් තුන් පාර්ශ්වය ම දෙපාර්ශවයක් කර පොලීසිය වැඩේ සමථයට පත් කළා. ඒ කතාබහෙන්. ගෝලයා ඔහුගේ භාර්යාව රැගෙන යාමට සැරසුණා. මෙතෙක් වේලාවක් තමා සන්තකයේ තිබූ අත් බෑගයකින් බොසා මිටියක් ඇද්දා. එහි මුදල් ය. ලක්ෂ දහයක් ය. මෙතන ලක්ෂ දහයක් තියෙනවා මේක අරගෙන තමාගේ අලුත් භාර්යාව සමඟ අලුත් ජීවිතයක් ගත කරන්න කියමින් ඔහු පොලීසියේදීම ගෝලයාට සල්ලි මිටිය ම දුන්නේ පොලීසියත් පුදුම කරමින්.
උපුටාගැනීම: හිරුගොසිප්
