ඔන්ලයින් පෙමට රැවටුනු බිරිදට සැමියා ඉගැන්වූ පාඩම
නිපුන් වෘත්තියෙන් ලොරි රියදුරෙක්.
රෑ දවල් නොබලා මහන්සි වෙලා ඔහු හම්බ කළේ නදීෂාව අඩුවක් නැතුව ජීවත් කරවන්න. ඇය ඉල්ලපු දේවල් බොහොමයක් ඔහු ඉටු කළා. ඒත් නදීෂාට ඒ ආදරය මදි වුණා. ඇය හෙව්වේ චිත්රපටවල පේන, කවි වගේ කතා කරන රෝමෑන්ටික් ලෝකයක්.
ඒ හිස්තැන පිරෙව්වේ Facebook එකෙන් හමුවුණු “අශේන්”.
මුලින් විහිළුවට පටන් ගත්ත chat එක ටිකෙන් ටික රහස් ආදර කතාවක් වුණා. නිපුන් ගෙදර එද්දි නදීෂා හිටියේ හැමවෙලේම phone එකේ.
“කවුද මේ?” නිපුන් අහද්දි,
“school යාළුවෙක්” කියලා ඇය ලේසියෙන් මඟ හැරියා.
නිපුන් විශ්වාස කළා.
ඒත් ඒ විශ්වාසය ඇතුළෙම, රෑ තිස්සේ video calls… රහස් voice notes… නොනිදා පෙම්බස්.
“හෙට මුණගැහෙමු… ඔයාට හීනෙකින්වත් නොහිතපු surprise එකක් තියෙනවා…”
ඒ message එක නදීෂාව උමතු කළා.
පහුවදා නිපුන් trip එකකට ගිය ගමන්, නදීෂා බොරුවක් කියලා නගරයට ගියා.
ඒත් හමුවෙන්න ආවේ ඇය හිතපු තරුණයා විතරක් නෙවෙයි… ඔහු එක්ක තවත් කිහිපදෙනෙක්.
එක මොහොතක ඇයට තේරුණා — මේ ආදරයක් නෙවෙයි, උගුලක්.
බියෙන් පස්සට හැරෙද්දි phone එක නාද වුණා.
නිපුන්.
“නදීෂා… ඔයා මගේ හිත විතරක් නෙවෙයි, ඔයාගෙ ජීවිතේම පාවා දුන්නා. මම මේ හැමදේම දැනගෙන හිටියා. ඔයා පාවිච්චි කළේ මම අරන් දුන්න phone එක. මම බලන් හිටියේ කවදා හරි ඔයා හැරෙයි කියලා…”
“නිපුන්… මට සමාවෙන්න… මම දැන්ම එන්නම්…”
“එන්න දෙයක් නෑ. ඔයාගේ බඩු ටික ගෙදරින් එළියට දාලා. මට ඕන වුණේ ඔයා හොයපු බොරුවේ ඇත්ත ඔයාගෙ ඇස් දෙකෙන්ම දකින්න.”
Call එක කට් වුණා.
මම පුළුවන් තරම් දුවලා ඇයව අර මිනිස්සුන්ගෙන් ගලවා ගත්තා.
අශේන් ඒ වෙලාවේම ඇයව block කරලා අතුරුදන්.
අන්තිමේ, තාවකාලික ආශ්වාදයක් වෙනුවෙන් ජීවිතේම පාවා දුන්න නදීෂාට ඉතිරි වුණේ…
මහ පාරේ දූවිල්ල, සහ පසුතැවීම විතරයි.
