සහල් මාෆියාව වනසයි. රට පුරා රජයෙන් කරන්න යන වැඩේ.
වෙළඳ පොළට පාලන මිලට සහල් නිකුත් කරන්නේ දැයි සොයා විමර්ශන ක්රියාත්මක බව වෙලද අමාත්යංශය පවසයි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ඒ සඳහා දිස්ත්රික් මට්ටමින් පරීක්ෂා කිරීම් ආරම්භ කර තිබේ.
රුපියල් 218ක මිලට නාඩු සහල් කිලෝග්රෑමයක් වෙළඳ පොළට නිකුත් කිරීමට පසුගියදා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී සහල් මෝල් හිමියන් එකඟතාව පළකෙරිණි.
ඒ අනුව රුපියල් 220ක මිලකට නාඩු සහල් වෙළද පොළේ අලවි කිරීමට හැකියාව පවතියි.
පාලන මිළ ඉක්මවා සහල් අලවි කරන ස්ථාන හඳුනා ගෙන නීතිමය පියවර ගන්නා බව වෙළඳ අමාත්යංශය පවසයි.
– නාගොඩ සුමන උදයන්ත